අපේක්ෂක කම ඉල්ලා එජාපයේ තුන් වැනියාත් වීදි බසියි… සජිත් – කරූ වෙන වෙනම ඉල්ලයිද?

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයට ලෙස තමන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහයෝගය බලාපොරොත්තු වන බවත් රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. ඒඅද (06) අරලියගහ මන්දිරයේදී පැවති එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදීය.

එජාපය දෙකඩ නොවන විසඳුමක් ලෙස එජාප ජ්‍යෙෂ්ඨයන් එහිදී යෝජනා කර ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති අපේක්ෂක ලෙසත් අගමැති අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාසත් නම් කල යුතු බවයි. එමෙන්ම මේ ගැන රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර සෘජු සාකච්ඡාවක් පැවැත්විය යුතු බවත් එහිදී තීරණය කර ඇති අතර එම හමුව ඉරිදා දිනයේ පැවැත්වෙනු ඇතැයිද වාර්තා වෙයි.

අකිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, රවි කරුණානායක, සරත් ෆොන්සේකා, ගාමිණී ජයවික්‍රම පෙරේරා, මලික් සමරවික්‍රම, දයා ගමගේ, රංජිත් මද්දුමබණ්ඩාර, වජිර අබේවර්ධන, නවීන් දිසානායක යන ඇමතිවරුන් මීට සහභාගී වී සිටියද එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සහභාගී වී නොසිටියේය.

එජාපයේ ජ්‍යෙෂ්ඨයන් අතර කරූ ජයසූරිය ජනාධිපති අපෙක්ෂකයා ලෙස නම් කිරීමට තිබූ යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී කිසිදු කතාබහක් සිදු වී නොමැති අතර කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් ගැන හෝ සජිත් කණ්ඩායමේ ප්‍රතිචාරය කුමක්ද යන්න හෝ මේ වන තෙක් වාර්තා වී නැත.

Leave A Reply

Your email address will not be published.

16 − 3 =