තේ කහට කරනා මිනිසුන් ගේ යගුල් බැදි ජීවිතයේ කදුඵ කතාව

පෑගෙන තැලෙන පොඩිවෙන මිනිසුන් වෙනුවෙන් ම ලියන්න ට සිය පෑන මෙහෙය වූ අල්ලපු රටේ අපූරු මානවවාදී ලේඛකයා
“මුල්ක් රාජ් ආනන්ද් “ඒ කදුඵ කතාව පොතකට කැටි කළ අපූරුව විදගනිමු.
ජන සමාජයක් තුළ පෑගෙන, අනන්ත වූ දුක්ඛ දෝමනස්සයන් හා අඩන්තේට්ටම් වලට ලක්වන ගොවීන් ,කම්කරුවන් , ස්ත්‍රීන්, ළමුන් හා කුල හීනයන් පිළිබඳව අපරිමිත වූ දයාවෙන් හා අනුකම්පාවෙන් යුතුව ඔවුන්ගේ ජීවිත වල ඇති කටුක යථාර්ථය ලෝකයා වෙත ගෙන හැර පාමින් ඔවුනගේ අවධානය ඒ වෙත දිනා ගනිමින් ඔවුන්ට හැකිතාක් සාධාරණයක් සලසා දීම වෙනුවෙන්ම සිය සාහිත්‍යය මෙහෙවර කැප කළ ආසියාවේ අභිමානනීය ම ලේඛකයා ආචාර්ය මුල්ක් රාජ් ආනන්ද් ය.
මුල්ක් රාජ් ආනන්දයන් ගේ ලේඛනය සුවිශේෂීතාවය වන්නේ නිරන්තරයෙන් ඔහු ඔහුගේ ලේඛණයන් බොහොමයක් සිදුකරනු ලැබුවේ පෑගෙන ජනතාව වෙනුවෙන් ම වීම නිසා ය .අතිශය සරල සුන්දර නිහතමානි මෙන්ම ඉන්දියානු නිදහස් මතවාදයේ හා ඉන්දීය නිදහස් ලේඛනයේ පුරෝගාමියෙකු ද වන මුල්ක් රාජ්, කොමියුනිස්ට් වාදියෙකු මෙන්ම මහත්මා ගාන්ධි තුමාගේ විචාරශීලී අනුග්‍රහයකු ද වූ අතර එනමුත් එහි වහලකු නොවී අදින ස්වාධීන මිනිසෙකු ලෙස සිය දිවිය ගත කළ විශිෂ්ට ලේඛකයෙකි.
ඉංග්‍රීසි භාෂාවෙන් සුද්දන්ටත් වඩා හොඳින් මනාව ඉංග්‍රීසි බස හසුරවමින් විශිෂ්ට ලේඛනයක යෙදුනු ඔහු ගැන විශිෂ්ට ඉංග්‍රීසි රචක ඊ එම් ෆෝස්ටර් ද කියා ඇත්තේ ද අපිටත් වඩා හොඳින් ඉංග්‍රීසි භාෂාව හසුරවමින් ඔහු ලේඛනයේ යෙදෙන බවයි.
මුල්ක් රාජ් ආනන්දයන් ගැන මේ පූර්විකාව මා පැවසුවේ ලංකාවේ අතිශය සමීප මිත්‍රයෙකු මෙන් ම ලංකාවට බොහෝ වාරයක් පැමිණ ගොස් ඇති මෙතුමා ගේ මුලින්ම සිංහලට අනුවර්තනය වූ පොත ගැන කියන්නටයි ඒ නම් මෙතුමාගේ “Two Leaves And A Bud” නම් විශිෂ්ට නවකතාවේ,ප්‍රවීන සාහිත්‍යයධර ඩබ්ලිව්. ඒ අබේසිංහයන්ගේ හෘද සංවෙිදී අනුවාදය යි “තේ දල්ලේ කඳුළ”.
ශ්‍රී ලංකාවේ අපට ද අතිශය සමීප එමෙන් ම වසර සිය ගණනාවක් තිස්සේ අඩම්තේට්ටම් වලට හා නොසලකා හැරීම් වලට භාජනය වී ඇති අහිංසක වතු කම්කරුවන්ගේ ඉන්දියානු දුක්ගැනවිල්ල යි මේ .
ලංකාවේ වැවිලි කර්මාන්තය සඳහා නොයෙක් සුන්දර සිහින මවා සුර පුරයක් වෙත කැන්දාගෙන යන ආකාරයෙන් ඉන්දියානුවන් මේ රටට කැන්දාගෙන ආ පරිදි ම, ඉන්දියාවේ වැවිලි කර්මාන්තය සඳහා ද ඉන්දියාවේ නන් දෙසින් මිනිසුන් රැගෙන ආවේ එවන් අපූරු සිහින මාළිගා රැසක් ඔවුන් ඉදිරියේ මවා පෙන්වා ය .
මෙම නව කතාවේ අප කතා නායකයා වන “ගන්ගු”ද සිය දරු දරු පවුල සමඟ පැමිණියේ ද එවන් සුරපුරක වාසය කිරීමට ය .තමන්ටම කියා නිවසක් ,සිය පවුලට ම තුන් වේලට කෑම, දරුවන්ට අධ්‍යාපනය ගැහැනුන්ට නිදහස වැනි අත්‍යාලංකාර බලාපොරොත්තු ගොන්නක් එම මිනිසුන් තුළ ඇති කර එම බලාපොරොත්තු සඵල කර ගැනීමට ඇති එකම මාර්ගය වැවිලි සමාගම් වලට සම්බන්ධ ව ඒවායේ සේවය කිරීම බව මිනාසුන්ට කා වැද්ද වූ වැවිලි සමාගම් හි පොරොන්දු එම ජනයාගේ් ඇස් නිලංකාර කළේය.(එලෙස නිලංකාර දෑසින් ලංකාවටද ඔහුන් ඇවිත් ගන්ගූ මෙන්ම මහා අපායක ඔහුන් තවම ජීවත් වෙයි)
එහෙත් එය සත්‍යයක් ලෙසින් දැක පහන් එළියට රැවටී විත් විනාශයට පත්වූ පලගැටියන් ගේ ජීවිතයේ වන් වූ අහිංසකයන්ගේ ඒ අනුවේදනීලංකාවේ වතු කම්කරුවන් මෙන් ම ඉන්දියානු කම්කරුවන් ය කතාවයි මේ .

ද සේවයට පැමිණි දා සිට ම තමන් හට පෙන්වනු ලැබූ ලෝකය සිහිනයක් ම බවත්, ඒවා හුදෙක් කතාවට පමණක් සීමා වූ බොරු පොරොන්දු බවත් වටහා ගනු ලැබූව ද අරගල තුලින් ද තමාට සිදු වූ අසාධාරණයට අද දක්වා ම කිසිදු සාධාරණයක් ඉෂ්ට නොවෙමින් තැලී පොඩි වී නොසලකා හැරීමට ලක් වීම ඔවුන්ගේ උරුමය බව ඔවුන් ම සිතන තැනට පත් ජන කොටසක් බවට ඔහුන් අද පත්ව සිටී .
අප කතාවේ වීරයා ක්‍රම ක්‍රමයෙන් තමන්ට සිදුවන අසාධාරණය හදුනාගෙන ටිකින් ටික හිස ඔසවමින් අරගලයක් සඳහා මුල පුරන අතර එය කැරැල්ලක් දක්වා වර්ධනය කර යම් කිසි බලපෑමක් සුදු වතු පාලනාධිකාරිය වෙත දැක්වීමට ඔහු සමත් වන මුත් පාවා දීම්‍ අධෛර්ය හා අධික පීඩනය හමුවේ අවසන ඔහු පරාජය වන අතර අධිරාජ්‍ය ගැති පක්ෂග්‍රාහී අධිකරණ පද්ධතිය ද ඔවුනට එරෙහි වෙමින් ඔවුන් තව දුරටත් අසරණ කරමින් ඔවුන් ඔහුන් සදාකාලික පීඩිතයින් බවටම පත් කර දමයි . එහෙත් එම ක්‍රම වේදය ඉතා නිර්දය ලෙස විවේචනය කරමිනි මෙම විශිෂ්ට නවකතාව ලියවුන ද, එවන් වූ ජන කොටසක් ම වෙසෙන මුත් එම ජීවිත පිළිබඳ ව මුල්ක් රාජ් ආනන්දයන් ලෙස දුටු නවකතාකරුවන් නම් නොමැති තරම් ය .
මොවුන්ගේ මේ ඛෙදවාචකය මහා පොත් ගණනාවක ලිවිය හැකි තරම් දුක්ඛ දෝමනස්සයන් ගෙන් පිරි අපායක් වන් මුත් , එදා සිට අද දක්වා ම ඉන්දියාවේ ද ලංකාවේ ද ඔවුන්ගේ මුතුන් මිත්තන්ට ලබා දෙනු ලැබූ සිහින පොරොන්දු ම ලබා දෙමින් ගැලෙහි බැඳි හරකුන් සේ ඔවුන් ව දක්වා ගෙන යනු ලබන එම ඛේදනීය දසුන අප තව දුරටත් දකිමින් සිටිමු නොවෙද?!
” පෑගිජ්ච මිනිස්සු වෙනුවෙන් කතා කිරීම, ඔවුන්ගේ යහපතට කටයුතු කරන එක, මගේ නිර්මාණවල ඔවුන් ගෞරවනීය කරන සදය මගේ එකම අභිලාෂය යි . වැසිකිළි සෝදන කෙනෙකුට වුණත් ආත්ම ගෞරවයට අයිතියක් තියෙනවා. හරියට රජ කෙනෙකු ට තියෙන භාග විට ඊටත් වඩා වෙන්න පුළුවන්” .
එලෙසයි ඔහු එම පීඩිතයන් වෙනුවෙන් සිය සාහිත්‍යය බර යොදවනු ලැබුවේ.
ඔහුගේ මෙම අදීන ලේඛන කලාව නිසා ම මෙම තැළුණු පොඩි වුණු මිනිසුන් වෙනුවෙන් සැලසුණු සෙත ද අති මහත් ය.තැළුණු පොඩි වුණු මිනිසුන් පිළිබඳව ඔහු ගේ කථා හරහා ලෝකය දැනුවත් වීමත් ඒ ඔස්සේ ජන හඬක් නිර්මාණය වීමත් නිසා මුල්ක් රාජ් සිය පෑනේ බලයෙන් ඉන්දියානු සමාජයේ විශාල වෙනස්කම් රැසකට මුල පිරිය.එය මහත්මා ගාන්ධිගේ ඉන්දියානු නිදහස් සටන තරම් ප්‍රබල ය .
සුද්දන්ගෙන් නිදහස් වුව ද පෑගෙන තැලෙන පොඩිවෙන මිනිසා ට සහනයක් ලබා දීමට නම් සමාජයේ ඉහළම ස්ථරයේ සිට ආකල්පමය වෙනසක් මෙන් ම බුද්ධියේ වෙනසක් ද සිදු විය යුතු බව සැලකූ මෙම ලේඛකයා දසක නමයක් පමණ කාලයක් වූ සිය දි සැරියේ දී ඒ සදහා ගත් වෙහෙස කෙතෙක් නම් පල දරා ඇද්දැ යි ඔහුගේ ලේඛන ඉතිහාසය හා ඉන්දියානු සමාජයේ ඇතිවූ වෙනස් කම් පිළිබඳව අධ්‍යනය කරන්නෙකුට පැහැදිලිව සොයාගත සොයා ගත හැකි වනු ඇත.
අපේ අසල් වැසියා මෙන්ම අප ආදරණීය මිතුරකු වූද මෙම විශිෂ්ට ලේඛකයාගේ නව කතා තව බොහෝ ප්‍රමාණයක් අප බසට පරිවර්තනය විය යුතු ව ඇත .
මෙම විශිෂ්ට ලේඛකයාගේ අනර්ඝ කෘතියක් අප වෙත ගෙන එමින් සිංහල සාහිත්‍යය ට නැවුම් අත්දැකීමක් එක් කළ විශිෂ්ට කවියකුකවියකු,පරිවර්තයකු ,නවකතා කරැවෙකු ලේඛකයකු වූ ප්‍රවීන සාහිත්‍යධර ඩබ්ලිව් ඒ අබේසිංහයන්ට අප ප්‍රණාමය හිමි විය යුතු ය
– ලලිත් රවීන්ද්‍ර බෝපිටිය (fb)

Leave A Reply

Your email address will not be published.

16 + 10 =