Viber ගෙනෙන ‘ක්‍රිකට් සටන’

නොමිලේ සහ පහසුවෙන් සන්නිවේදනය කිරීම සඳහා ලොව ප්‍රමුඛතම සමාජ යෙදුම්වලින් එකක් වන Viber මෑතකදී ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පරිශීලකයන් සඳහා ක්‍රිකට් තරග හා අන්තර් සම්බන්ධ බුද්ධිමත්, සංවාදශීලී මෙන්ම ජය හා සතුටෙන් පිරි ප්‍රමෝදය වෙනුවෙන් Battle of Cricket නමින් ‘චැට්බොට්’ එකක් හඳුන්වා දී තිබේ.

ලෝකයේ රටවල සමහර ක්‍රිකට් තරගාවලි අවලංගු කිරීම හේතුවෙන් ක්‍රිකට්ලෝලීන් විශාල වශයෙන් කනගාටුවකට පත්ව ඇත. එහෙත්, Viber භාවිත කරන්නන් බහුතර කැමැත්ත වටහාගෙන Viber විසින් මෙම ක්‍රිකට් චැට්බොට් ක්‍රීඩාව හඳුන්වා දී ඇත.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඕනෑම දුරක් යාමට සූදානම් වන බොහෝ දෙනෙක් ක්‍රිකට් තරගයක් ඇති සෑම අවස්ථාවකම ඔවුන් එය සමාජ මාධ්‍ය වෙබ් අඩවි සහ වෙනත් ක්ෂණික පණිවුඩ හරහා පොදු වේදිකාවක් වෙත ගෙන ගොස් සෑම විස්තරයක්ම සහ තරගයේ ඉරණම පුරෝකථනය කරයි. එහි දී පරිශීලකයන්ට ක්‍රිකට් තරගවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමට මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමට ද හැකි ය. ඒ අනුව බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල පරිශීලකයන්ට මෙම අංගය ලබා ගත හැක. මෙම ක්‍රීඩාව මඟින් පරිශීලකයන්ට අනාවැකි කීමට පමණක් නොව වටිනා ත්‍යාග දිනා ගැනීමට ද හැකියාව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Rakuten Viber APAC හි විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් ට්සේ මහතා මෙසේ පැවසීය:

“අපගේ පරිශීලකයන්ට අපගේ තාක්ෂණික සේවාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි වන පරිදි නිර්මාණාත්මක යමක් ලබා දීමට අපි සැමවිටම අපේක්ෂා කරනවා. නව ක්‍රිකට් චැට්බොට් මඟින් පරිශීලකයන්ට ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ ඔවුන්ගේ දක්ෂතාව හා බුද්ධිමත් බව විදහා දැක්වීමට සහ සෑම පියවරක් ගැනම අනාවැකි කීමට හැකි වන අතර, එමඟින් ඔවුන්ගේ මානසික චින්තන ක්‍රියාවලියේ වෙනස් වීම් ද සිදු වෙනවා”

Viber භාවිත කරන්නන්ට ඔවුන්ගේ නිවැරැදි අනාවැකි සඳහා ත්‍යාග ලබා ගැනීමට අවස්ථාව ලැබේ. නිවැරැදි පිළිතුර පුරෝකථනය කරන ඕනෑම අයකුට ත්‍යාග හිමි වන අතර, දිනපතා ලකුණු හිමි වේ. එම කරුණු මත පදනම්ව Viber විසින් ප්‍රමුඛතා පුවරුවක් නිර්මාණය කරනු ඇත. සෑම ඉරිදාවකම ප්‍රමුඛතා පුවරුවේ ඉහළම පරිශීලකයන් තිදෙනාට සතිපතා ත්‍යාග හිමිවේ. උනන්දුවක් දක්වන පරිශීලකයන්ට Viber   සතු ගෙවුම් ස්ටිකර් පැකට්ටුවක් සහ V/O කේත තුළින් ක්‍රෙඩිට් මුදාහරිනු ඇත.●

Leave A Reply

Your email address will not be published.

4 × four =