ඊයේ (24) කොවිඩ් මරණ 33 ක්, ඒ අතර වයස 104 ක් අයෙක්

 

ඊයේ (24) දිනට අදාලව කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ ජනරාල් වරයා තහවුරු කළේය.

ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1243 දක්වා ඉහළ ගිය බවයි අද (25)අලුයම නිකුත් කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන්වේ.

මේ අතර මෙරටින් මෙතෙක් වාර්තා වූ වයස්ගතම කොවිඩ් මරණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (24) තහවුරු විය.

එසේ මියගොස් තිබුණේ ගාල්ල ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචිව සිටි 104 හැවිරිදි කාන්තාවකි.

මේ අතර ඊයේ (24) දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,970ක් වේ.

Leave A Reply

Your email address will not be published.

16 − 16 =