නවක මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමත් ආපසු හරවයි

වාහන ආනයනය කිරීමට ගෙන තිබූ තීරණය නොතකා නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා ජීප් රථ ප්‍රමාණයක් සහ වෙනත් අවශ්‍යතා සඳහා තවත් වාහන සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව අද දහවල් පවසා තිබූ මුත් අද පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ අදාල තීරණය අත්හිටුවීමටයි.

අගමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලයේදී වාහන ‍ගෙන්වීම අත්හිටුවීමට තීරණය කළ බවයි.

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ආනයනය කර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වන අතර මෙහිදී මෙලෙස ජීප් රථ ලබා දීමට මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ විසින් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවද අද දහවල් වාර්තා විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ක්‍රියාත්මක කළ තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර ඇති බැවින් මෙම පියවර ගැනෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි තිබිණි.
නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පවරා ඇති ක්ෂේත්‍ර සංවර්ධන අධීක්ෂණ කටයුතුවලදී ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බව ප්‍රකාශ කරමින් භාණ්ඩාගාරයේ නිලධාරීන්ට අගමැතිවරයා විසින් උපදෙස් ලබා දී තිබිණි.

Leave A Reply

Your email address will not be published.

6 + one =