බැසිල්ට – උදයංගට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් !

කොවිඩ් 19 වෛරසය රට පුරා සීග්‍රයෙන් පැතිරීමට ආර්ථික සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ සහ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සෘජුව වගකිවයුතු බවට චෝදනා කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ.
2020 ඔක්තෝබර් 15 සිට යුක්‍රේනයෙන් සංචාරකයන් ගෙන්වීම ඇතුළු ක්‍රියාකාරිත්වයන් මේ පැතිරීම් වේගවත් වීමට සෘජුව හේතු වූ බවත්, එම නිසා අදාළ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට නියෝගයක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා ඇත. නාරාහේන්පිට ධර්මායතන විහාරාධිපති උලපනේ සුමංගල හිමියන් සහ මහා පරිමාණ වංචා සහ දූෂණ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කළ කොමිෂන් සභාවේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් මේ පෙත්සම් ගොනුකර තිබේ.
මේ පෙත්සම්වල පළමු වගඋත්තරකරු ලෙස බැසිල් රාජපක්ෂ නම්කර ඇති අතර, දෙවැනි වගඋත්තරකරු ලෙස උදයංග වීරතුංග නම් කර තිබේ. මීට අමතරව පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ද මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

Leave A Reply

Your email address will not be published.

2 × two =