ආණ්ඩුවේ හදිසිය, වැරැදුණු කුරුමානම හා රටේ අවදානම

පාර්ලිමේන්තුවට ගෙන එන පනතකට එරෙහිව විරෝධය පළ කිරීමට අධිකරණය වෙත යාමට මහජනයාට තිබෙන කාලසීමාව 20වන සංශෝධනය මඟින් සතියක් දක්වා අඩු කරනු ලැබීය. පෝට් සිටි පනත ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අප්‍රේල් මස 08 දාය. ඒ සිංහල – දෙමළ අලුත් අවුරුදු සමය නිසාවෙන් ඉන් පසු නිවාඩු දින 05ක් යෙදී තිබියදීය. වැඩ කරන දිනයකට ඉතිරිව පැවැතියේ 8දා සිට ගත් විට හත්වන දිනය වූ 15 සිකුරාදා පමණි. සාමාන්‍යයෙන් මේ කාලයේ උසාවි නිවාඩු දී නීතිඥවරු ද විවිධ ගමන් බිමන් යොදා ගන්නා නිසා පනතක් ගැන අවධානය යොමු කිරීමට ඉඩක් ලැබේ යැයි සිතිය නොහැකි ය. ආණ්ඩුව යොදා ගන්නට උත්සාහ කළේ මේ තත්ත්වයයි. එහෙත් සිදු වූයේ ආණ්ඩුව බලාපොරොත්තු වූවාට වඩා හාත්පසින්ම වෙනස් සිදුවීමකි. පෝට්සිටි පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු 19ක්ම ගොනු විය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පිරිස් පවා මේ අතර සිටීම විශේෂත්වයක් විය.

අධිකරණය වෙත ගිය විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට සහ මුරුත්තෙට්ටුවේ හිමියන්ට දුරකථනයෙන් කතා කර ජනාධිපතිවරයා විසින් තර්ජනය කර තිබිණි. ඒ ගැන ඒ දෙපළම මාධ්‍ය සාකච්ඡා පවත්වා රටට කියන තරම් ප්‍රශ්නය දුරදිග ගියේය. පෝට් සිටි පනත ආණ්ඩුවට කෙතරම් වැදගත් දැයි මෙයින් මොනවට පැහැදිලි වේ. ආණ්ඩුවේ ගෙවුණු කාලයේ කටයුතු අනුව අධිකරණයටද බලපෑම් සිදු නොකළා යැයි සිතීම උගටහ ය. බලපෑම් කරන ක්‍රම දෙකක් තිබේ. එකක් වරදාන ලබා දීමයි. අනෙක තර්ජනයයි. මේවායින් දියත් වුණේ මොනවාදැයි දැන්ම හෙළිවන්නේ නැත. ඇතැම් විට කිසිදාක හෙළි නොවිය හැකිය.

ආණ්ඩුව වලිකෑවේ කෙතරම් බරපතළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනයකට දැයි මෙමඟින් පෙනී යයි. පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේ දී අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙමින් තිබිණි. අදාළ වගන්ති ඉවත් කර පනත සම්මත කරන බව ආණ්ඩුව මේ වන විට ප්‍රකාශ කර තිබේ.

ඉන් පසුව ආණ්ඩුව උත්සාහ කළේ මැයි 04 වැනිදා අධිකරණ තීන්දුව පාර්ලිමේන්තු වෙත ලැබෙන්නේ යැයි උපකල්පනය කරමින් කොරෝනා තත්ත්වය පෙන්වා මැයි 05දා එක්දින විවාදයක් පවත්වා පනත සම්මත කර ගැනීමටයි. එහෙත් අධිකරණ තීන්දුව නොලැබී යාමෙන් ඒ ප්‍රයත්නය ද අවුල් වී ගියේ ය.

ඉන්පසු අධිකරණ තීන්දුව 18දා කතානායකවරයාට ලැබුණු අතර එමඟින් පනතේ වගන්ති 74න් 25ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වා තිබිණි. ඒ වගන්ති 25න් 16ක් සම්මත කරගැනීමට නම් තුනෙන් දෙකක විශේෂ බහුතර බලයකින් සම්මත කරගත යුතු බව තීන්දු කර ඇත. ඉතිරි වගන්ති 09 පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව තීන්දු කර ඇත. කුරුමානම වැරැදී ගියේ එසේය.

ආණ්ඩුව වලිකෑවේ කෙතරම් බරපතළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනයකට දැයි මෙමඟින් පෙනී යයි. පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේ දී අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙමින් තිබිණි. අදාළ වගන්ති ඉවත් කර පනත සම්මත කරන බව ආණ්ඩුව මේ වන විට ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් එසේ වූ පමණින් පෝට් සිටිය ඉදිකිරීමේ අහිතකර කරුණු සියල්ල ඉවත් වුවා යයි සිතීම මුළාවේ වැටීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව පසුගිය ආණ්ඩු කළ කී විනාශයන් අවශ්‍ය තරම් ගෙනහැර දැක්විය හැකි ය. වරාය නගරය හෙවත් පෝට් සිටිය හරහා රටට සිදු වන දේශපාලන, ආර්ථික බලපෑම අධිකරණ ක්‍රියාවලියේ දී ගණන් බැලෙන්නේ නැත. එක් පැත්තකින් කලාපීය හා අධිරාජ්‍යවාදීන්ගේ ගැටුමක් අපේ දොරකඩට කැඳවා ගැනීමක් ද මේ තුළ පවතී. අනෙක් පසින් ලෝක ජාවාරම්කාරයන්ගේ තිප්පොළක් ඇති කර ගැනීමෙන් අප රටේ ආර්ථිකය මුහුණ දෙන අනතුරයි. අනෙක් පසින් මෙකී මහා ජාවාරම්කාරයන්ගේ මනදොල සපුරාලන, ඔවුන්ගේ රූකඩ බවට අපේ රටේ ආණ්ඩු පත්වීමේ අනතුරයි. වෙනත් වචනවලින් පවසන්නේ නම් රටේ රජුන් තනන්නා බවට පෝට් සිටිය පත්විය හැකි බවයි●

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

2 + 12 =