කැලණිය දායක සභාවෙන් රනිල් ඉවතට

කැලණිය රජ මහා විහාරයේ ප්‍රධාන දායක තනතුරින් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට විහාරස්ථ දායක සභාවේ අනුමැතිය ලැබී ඇත. ඒ පසුගිය 01 වන දින දායක සභාව රැස් වූ අවස්ථාවේදීය. කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ දායක සභාවේ බහුතරයක් මෙම යෝජනාවට අනුමැතිය දී ඇති බව ද වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දැන ගැනීමට ලැබී ඇත්තේ ඔහු තම පවුලේ ඥාතියකුගේ විවාහ උත්සවයකට සහභාගී වී සිටින අතරතුරය. සිද්ධිය දැනගත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් ප්‍රකාශ කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි කැලණිය රජමහා විහාර දායක සභාවේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමට තමන් ක්‍රියාකරන බවයි.

Leave A Reply

Your email address will not be published.

20 − eleven =