ඉන්දියාවේ කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාරෙන්

කොවිඩ් රෝගය අතරතුර ඉන්දියාවේ පැතිර යන කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ එම දීලිරය හරහා රෝගය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් විය හැකි බවය.

මේ තත්වය ඉතාම බරපතල වන බවත් එම දීලිරය කොවිඩ් වෛරසය සමඟ සම්බන්ධ වුයේ කොයි ආකාරයෙන් ද යන්න සොයා බලමින් සිටින බව ද වෛද්‍යවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.

five × 1 =