ඔවුහු මිත්‍යාව සිය කරමත තබාන යනවා පමණක් නොව තම පරිසරයද විනාශ කරති. එහෙත් දේශපාලනයට ඒවා වෙනස් කල හැකිය

ගනේෂ් චතුර්ති යනු සෑම වසරකම ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල, විශේෂයෙන් මහාරාෂ්ට්‍රයේ ඉතා උනන්දුවෙන් සමරනු ලබන ගනේෂ් දෙවියන්ගේ උපන් දිනය සනිටුහන් වන දින 10 යි මෙහිදි ඉන්දියානුවන් සිය නිවෙස්වල මල් පහන් දල්වා පුදදුන් ගනේෂ් දෙවිදුන්ව පෙරහරක් ඔස්සේ ගෙනයමින් ගලායන විශාල ජලකදකට අතහැර දමයි. මහාරාෂ්ටයේ මෙම පූජාව කරනු ලබන්නේ දෙවියා සබරමාතී ගංගාවේ ගිල්වීමෙනි. වසර ගණනාවක් තිස්සේ දහස්ගණනක් බැතිමතුන්ගේ මේ ක්‍රියාවෙන් දින දහයකින් උත්සවය නිමා වන විට ගංගාව අවට මහාමාර්ගය , ඉඩම් හා ජල පහරවල් යන සියල්ල දුෂණයට ලක්වේ.
දින 10 ක් පුරා පැවැත්වෙන මෙම උත්සවයෙන් විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් ජනනය වේ. මල්, පලතුරු, පොලිතින් උර, බෑග්වල පුරවා ඇති සුවඳ දුම්, පරිසරයට විෂ සහිත ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් සාදන ලද පිළිම, සියල්ලම කෙලින්ම යන්නේ දේශීය ජල කඳට ය.
ප්ලාස්ටර් ඔෆ් පැරිස් ස්වාභාවිකවම නිපදවන ද්‍රව්‍ය වලින් සෑදී නැති අතර ඇත්ත වශයෙන්ම කැල්සියම් සල්ෆේට් හේමි හයිඩ්‍රේට් හෝ (CaSO4, ½ H2O) වල එකතුවකි. එවැනි ද්‍රව්‍යවලින් නිර්මිත පිළිමයක් සම්පූර්ණයෙන්ම ජලයේ දියවී යාමට මාස කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් ගත විය හැකිය.
පිළිම බොහෝ විට ඊයම් හා රසදිය බරින් යුත් තීන්ත වලින් සරසා ඇති අතර එය වරක් ගිලී ගිය විට ජල කඳේ ශාක හා සත්වයන් විනාශ කිරීමේ අඛණ්ඩ ක්‍රියාවලියට එකතු වේ. ඒවා සියල්ල නැවත එම ගංගාව හරහාම මිනිස් දිවියට බද්ධවේ. පසුව ඒවා ජනජීවිත අකර්මන්‍යකරන වසංගත දක්වා විහිදයයි.
හයිද්‍රාබාද් මහ නගර සභාවේ සභාපති හා හිටපු නාගරික පරිපාලන හා නාගරික සංවර්ධන අමාත්‍ය කේ.ටී. රාම රාඕ මෙයට යම් උත්තරයක් දී තිබෙි.
ඒ පිළිම ගංගාවේ පා නොකර මල් සමගම ගං ඉවුරේ හෝ ගංගාව අසල මහා මාර්ගයේ තැන්පත් කරන ලෙසයි. එවිට මෙම භාවිත‍යෙන් සබරමාතී ගංගාව දූෂණය නොවන ලෙස ආරක්ෂා කරගත හැක.
ඇදහිය නොහැකි ලෙස හිටපු මහ ඇමතිගේ ඉල්ලීමට හයිද්‍රබාද් ජනතාව කන් යොමා තිබේ. එනම් සාමාන්‍ය පුරවැසියන් සබරමාති ගඟ පිරිසිදුව තබා ගැනීමට තීරණය කර තිබේ. දැන් ඔවුහු පිළිම ගඟේ ගිල්වනවා වෙනුවට ගෞරවාන්විතව ඒවා ඉවුරේ හෝ ඒ අවට මාර්ගයේ තබා ඇත. එය ඇදහිය නොහැකි වෙනසකි. දැන් නගරසභාවට කළ යුත්තේ ඒවා වාහනයකට පටවා විනාශ කිරීම පමණකි.
-උපාලි ජයසිංහ

 කේ.ටී. රාම රාඕ

මීට පෙර මහාරාෂ්ටයේ සබරමාතී ගංගාවේ ගනේෂ් චතුර්ති පූජාව පහත ඡායාරුප වලින්

අන්තර්ජාල ඡායාරුප 

Leave A Reply

Your email address will not be published.

seventeen + two =