රෝගීන් ගබඩා කර සීල් කළ ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

මිද්දෙණිය ග්‍රාමීය රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොව රෝගීන් ගබඩා කල ගබඩාවක් යැයි රෝගීහු පවසති.

රෝහලේ එක් වාට්ටුවක් වෙන් කොට එහී දොරවල් හා ජනේල ටේප් පටි අලවා මුද්‍රා තබා රෝගීන් එය තුලට දමා දොරගුලු ලා තිබේ.

විදුලි පංකා ක්‍රියාත්මක වුවද පිරිසිදු වාතය නොලැබීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් වූ බව ද රෝගියකු අප හා පැවසීය.

ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් වෙද්‍යවරු හා හෙදියන් රෝගීන් ට උපදෙස් දෙන අතර රෝගීන්ට ද වෙද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩ ඇමතීමට මයික්‍රපෝනයක් සවි කර තිබෙන බවද රෝගීන් පැවසූහ

වෙද්‍යවරයෙකු හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු වාට්ටුවට නොපැමිණෙන බවද ඔවුන් පවසයි.

රෝගින්ගේ රුධිර පීඩනය පරික්ෂා කිරිමට දෙන්නේද රෝගීන්ට බවත් අර විදියට කරන්න මේ විදියට කරන්න යැයි කියමින් ශබ්ද විකාශන යන්ත්‍ර හරහා බැවින් මෙම පරික්ෂා කිරීම් දත්ත කොතරම් නිවැරදිද යන්න ගැටලුවක් බවද රෝගීන් පවසයි

කොවිඩ් -19 රෝගීන් ට පිරිසිදු වාත අත්‍යවශ්‍ය දෙයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කල මාර්ගෝපදේශවල පැහැදිලිව සදහන් වුවද මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිකාර ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටීම කණටුවට කරුණකි.

Leave A Reply

Your email address will not be published.

4 + 14 =