“වරාය නගරයට තුනෙන් දෙක තිබුණ” -ජී. එල්, “විශේෂ පරීක්ෂණ 02ක් කරනවා”- කතානායක

පසුගිය 20 වෙනිදා එනම් කොළඹ වරාය නගර කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඡන්දය නිසි පරිදි ගණනය වී නැතැයි කෙරෙන චෝදනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ 02ක් පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙහිදී පාර්ලිමේන්තුවේදී ඡන්ද 150ක් ලැබුණු බවත් එය 148ක් ලෙස ගණනය වී ඇත්තේ කිසියම් දෝෂයක් නිසා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් . පීරිස් ඊයේ දින පැවති මාධ්‍යහමුවකදී මෙය චෝදනාවක් ලෙස පැවසීය.
ඡන්ද ගණනය කිරීමේ දී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතාගේ ඡන්ද ගණනය වී නැති බවත්, එබැවින් ඡන්ද සංඛ්‍යාව 148ක් ලෙස සඳහන් වූ බවත් ඇමතිවරයා මෙහිදී කීවේය.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගෙන් ඉල්ලීමක් කළ බව , කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පැවසිය.

ඒ අනුව එක් පරීක්ෂණයකින් තාක්ෂණික දෝෂයක් මත ඡන්ද විමසීම නිසි ආකාරයෙන් ගණනය වී නැද්ද යන්න සොයා බැලෙනු ඇති බවද පවසයි.

මෙම පරීක්ෂණය සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ විශේෂඥයින්ගේ සහය ලබා ගැනීමට නියමිත බවත් ඡන්ද ගණනයේදි යම් පරිපාලනමය දෝෂයක් සිදුව ඇත්ද යන්න පිළිබඳ සොයා බැලීමට තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව කතානායකවරයා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

sixteen − thirteen =