මෙරට දිනක් තුළ වැඩිම කොවිඩ් මරණ ඊයේ(21) 44ක්

කොවිඩ් -19 ආසාදනය වීමෙන් ඊයේ (21)දින මෙරට පුද්ගලයන් 44 දෙනෙකු මියගොස් ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙය මෙරටින් එක්දිනක් තුළ වාර්තා වු ඉහළම මරණ සංඛ්‍යාව වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම මරණ මැයි මස 2 වනදා සිට 20 වනදා දක්වා කාලය තුළ මියගිය පුද්ගලයන් පිළිබඳව කළ පරීක්ෂාවලදි මෙම තහවුරු කිරීම සිදුකර ඇති බව සඳහන් කරයි.

මෙම මරණ 44 ත් සමඟ මෙරටදි මියගිය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,132ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මිය ගිය අය අවුරුදු 61 – 70ත් අතර වයස් වල පසුවන්නන් 11 දෙනෙකු ද , වයස අවුරුදු 51 – 60ත් අතර 7 දෙනෙකු ද වයස 31 – 40ත් අතර 2 කු ද , වයස අවුරුදු 21 – 30ත් අතර 1 කු ද කොවිඩ් -19 වෛරසය වැලඳීමෙන් මියගිය බවට ඊයේ හඳුනාගෙන තිබේ.

ඔවුන්ගේ මරණවලට හේතුව කොවිඩ් නියුමෝනියාව, හෘද රෝග හා දියවැඩියාව වැනි නිදන්ගත සංකුලතා බව වාර්තා වේ.

මියගිය පුද්ගලයින් ඇටවීරගොල්ලෑව, හොරම්පැල්ල, අම්බලන්ගොඩ, කලල්ගොඩ, හිඳගල, බුලත්සිංහල, හොරණ, ගල්පාත, කුඩාවස්කඩුව, පිහිඹුව, අනුරාධපුරය, මන්නාරම, රත්ගම, ඉමදුව, මග්ගොන, මතුගම, වේයන්ගොඩ, අතුරුගිරිය, සෙවනගල, මල්ලෑව, කිරිමැටියාව, ඉහළ කටුනේරිය, මහනුවර, පරගස්තොට, උතුරු කළුතර, වලල්ලාවිට, බේරුවල, පයාගල, කොළඹ 12, කොළඹ 2, පොල්ගස්ඕවිට, ගාල්ල, නාක්කවත්ත, රාගම, පන්නිපිටිය, හෝමාගම, නාරංගොඩ, ගනේපොල, ගොකරැල්ල, අලහිටියාව, හිඳගොල්ල හා බණ්ඩාරකොස්සවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

 

Leave A Reply

Your email address will not be published.

sixteen + seven =