සිරගෙදරට ඇදගෙන යද්දිත් සිනාසෙමින් ගිය මරියම් අල් අෆිෆි(Maryam Al Afifi)

ඔබට පොඩි කාලේ පටන් අවශ්‍ය වුයේ එයද ? පීඩකයාගේ පැත්තේ සිට ගැනීමට ! ‘‘පලස්තීන යෞවනිය ඇය අසල සිටි ඊශ්‍රායල් සෙබලාගෙන් ඇසුවාය

ඊශ්‍රාලයේ අධිකරනයක් Maryam Al Afifi ව නිදහස් කල පසු bbc මාධ්‍ය ආයතනය ඇගෙන් මෙසේ අසා තිබිණි.
‘‘ ඊශ්‍රාලයේ හමුදාව ඔබව ඇදගෙන යද්දි ඔබ සිනාසුනේ කොහොමද මරියම් ? ‘‘
‘‘ මම සිනාසිය යුතුව තිබුනා. මොකද මම බයෙන් ගියානම් පලස්තීන දරුවන්ට භිතියක් උපදීවි. ඔවුන් භීතිය මිලදී නොගත යුතුයි ! මම සිනාසෙමින් යන විට එයාල ධෛර්යමත් වෙවි.‘‘
අප ඉහතින් පැවසුවෙි මේ මොහොතේ කුනාටුවක් මෙන් අන්තර්ජාලයේ ගසාගෙන යන පලස්තින දැරිවියකගේ ප්‍රකාශයන් දෙකකි. වේගයෙන් සංසරනය වන වීඩියෝ පටයේ ඇය ඉන්නේ ඊශ්‍රායල් හමුදාවට මැදිව අත්අඩංගුවෙිය. අත්අඩංගුවෙි හිදිද්දීත් ඇය සිනාසෙයි.වීඩියෝවේ දැක්වෙන්නේ, මරියම්ට ඊශ්‍රායල් හමුදාව විසින් ඇගේ ස්කාෆ් එකෙන් අදිමින් පහර දී ඇදගෙන යන බවයි. ජනතාව මවිතයට පත් කර ඇත්තේ මරියාම්ගේ සන්සුන් භාවය සහ සිනහවයි. ඇයව ඇදගෙන ගොස් පහර දෙන අතරේ ඇගේ මුහුණේ බියක් නොතිබුණි. විඩියෝවවේ ඇය ඊශ්‍රාල සෙබලුන් අමතයි.
‘‘“මම මොකද කළේ? ඔබලා පහර දුන් ගැහැණු ළමයා වෙනුවෙන් මම නැගී සිටි නිසාද?
පහර කෑමට ලක් වූ ගැහැණු ළමයෙකු ආරක්ෂා කල නිසාද ? මාව දැන් අත්අඩංගුවට ගන්නේ? තම නිවෙස්වලින් පන්නා දැමීමට යන මිනිසුන් ආරක්ෂා කිරීම. ඔයාට දැනෙන්නේ කොහොම ද? නැහැ, මම දන්නවා ඔබ මිනිසෙකු බවත් සමහර විට ඔබට පවුලක් ඇති බවත් !.ඔයාට ළමයි ඉන්නවද? ඔබේ දරුවන් හැදී වැඩී වැරදි පැත්ත ආරක්ෂා කරමින් මහලු වියට පත්වීමට ඔබට අවශ්‍යද? පීඩාකරුවා ආරක්ෂා කරනවාද? ඔබ තරුණ වියේදී වීමට අවශ්‍ය වූයේ මෙයද? එහෙම නැත්නමි ඔබ කුඩා කාලයේ, වැඩීමට සිහින දකිමින් විශාල සිහින දකිමින් සිටියදී ඔබට අවශ්‍ය වූයේ මෙයද? පීඩා කරන්නාගේ පැත්තේ ඉන්නද? ”
විදෙස් ජනමාධ්‍යට අනුව මරියම් අල් අෆිෆි පලස්තීන යෞවන වාද්‍ය වෘන්දයේ සාමාජිකයෙකි. තවමත් ශිෂ්‍යාවකි.
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

four × two =