පාවෙන අවි ගබඩාව – ඇවන්ගාඩ් සේනාධිපතිත් නිදොස් කොට නිදහස්

නීතිවිරෝධීව පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පැවති නඩුවෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) නියෝග කර තිබේ.

ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණි.

2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ජීව උණ්ඩ 203,395ක් සන්තකයේ තබාගැනීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 19 ඉදිරිපත්කර තිබුණි.

දේශපාලන පලි ගැනීම් පිළිබඳව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් පත් කළ කොමිසම විසින් පසුගියදා නිර්දේශ කර තිබුනේ නිශ්ශංක සේනාධිපතිට එරෙහි නඩුවලින් ඔවුන් නිදහස් කරන ලෙසය.

Leave A Reply

Your email address will not be published.

20 − thirteen =