අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කරන්න සිංගප්පූරුව සූදානම් – ප්‍රමාද වෙන්නේ ලංකාවෙන් ලිපි ලේඛණ නොදුන් නිසා

ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදියා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරිම ගැන සලකා බැලීමට සූදානම් බව සිංගප්පූරු රජය සදහන් කරයි. ඒ අනුව පිටුවහල් කිරීම් සම්බන්ධයෙන් වන ලිපි ලේඛන ලැබුණු පසු තම රටේ නීතියට අනුව කටයුතු කරන බව සිංගප්පූරු විදේශ අමාත්‍යංශය සදහන් කරයි.

අදාල ලියකියවිල් ලබා දෙන්නැයි අවස්ථා කිහිපයකදී ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීම් කළ ද මේ වන තෙක් ඒවා ලැබී නොමැති බවද ඔවුන් කියා සිටී.

කෙසේ වෙතත් මේ වන විට අදාල නීතිමය ලියකියවිලි නීතිපතිවරයා විසින් විදේශ අමාත්‍යංශයට හා ආරක්‍ෂක අමාත්‍යංශයට බාර දී ඇති බව ද සඳහන්ය. ඒ අනුව ඉදිරියේදී අර්ජුන් මහේන්ද්‍රන් එරටින් පිටුවහල් කිරීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ.

Leave A Reply

Your email address will not be published.

eighteen − 8 =