පොර්ට් සිටි පනත වැඩි ඡන්දයෙන් සම්මතයි, විදුර, විජේදාස, සමරසිංහගේ ඡන්දය නෑ

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේ දී ඊට පක්ෂව ඡන්ද 149ක් හිමිවූ අතර විරුද්ධව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 58කි. මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 89 කින් සම්මත විය.

පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි.

ඒ අනුව පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඡන්ද විමසීමේ දී පනතට පක්ෂව ඡන්ද 148ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද 59 ක් හිමිවිය.

පණත් කෙටුම්පත තෙවැනි වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී විපක්ෂයෙන් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කෙරුණද එම කිසිවකට ආණ්ඩුවෙන් අනුමැතිය හිමි නොවීය.

කාරක සභා අවස්ථාවෙන් පසුව තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර එහිදි පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 149ක් සහ විරුද්ධ ඡන්ද 58ක් හිමිවිය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ , මහින්ද සමරසිංහ, විදුර වික්‍රමනායක අද ඡන්ද විමසුමට සහභාගී නොවීම විශේෂත්වයකි.
මීට අමතරව කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට නොපැමිණියේය.

රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයාගේ කණ්ඩායම නියෝජනය කරන අලි සබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරු කෙටුම්පතට පක්ෂ වූහ.

බදියුද්දීන් මන්ත්‍රීවරයාගේ කණ්ඩායම නියෝජනය එම්.මුෂාරෆ් මන්ත්‍රීවරයා ඡන්දය දුන්නේ කෙටුම්පතට විරුද්ධවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 5 දෙනා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියහ.

මේ අතර සංශෝධන අවස්ථාවේ වරාය නගර ආර්ථික කොමිසමට නිල බලයෙන් යුත් ශ්‍රී ලාංකික පුරවැසියන් පත්කළ යුතු බවට විපක්ෂය ගෙනා සංශෝධනයේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග ඡන්දය දීමෙන් වැළකී සිටීම

Leave A Reply

Your email address will not be published.

four × four =