ඔක්සිජන් කළු කඩ මිලට – මේ වෙලාවෙ ඕනෙ වසංගතයට අදාළ පනත්

-මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

කොවිඩ් රෝගීන් නිවසේ තබාගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමය කිසිසේත්ම පිළිගත නොහැකි ක්‍රමවේදයක් බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
කොවිඩ් රෝගීන් පිළිබදව නිසි සංඛ්‍යලේඛණ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති නම්, එම සංඛ්‍යා ලේඛන තමන්ට ලබාදිය හැකි බවද උන්වහන්සේ සඳහන් කරයි. මේ වන විට රෝහල්වල ඔක්සිජන් නොමැති බවත්, තිබෙන ඔක්සිජන් ප්‍රමාණයත් කළුකඩ මිලට අලෙවි වන බවත් මුරුත්තෙට්ටුවේ හිමියෝ පෙන්වා දෙති.
මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත යුත්තේ පවත්නා වසංගත රෝග තත්ත්වයට අදාළ අණ පනත් මිසක වෙනයම් අණ පනත් නොවන බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටී.

Leave A Reply

Your email address will not be published.

twelve + four =