විකිරණවේදීන් 13කට කොවිඩ් – ජාතික රෝහලේ MRI හා CT ස්කෑන් නවතා දමයි

කොළඹ ජාතික රෝහලේ විකිරණවේදීන් 13 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ MRI සහ CT ස්කෑන් අංශ වසා දමා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රජයේ රෝහල්වල සේවය කරන විකිරණවේදීන් 18 දෙනෙකු පමණ මේ වන විට කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති අතර ඉන් 13 දෙනෙකුම කොළඹ ජාතික රෝහලෙන් වාර්තාවීම විශේෂත්වයකි. මේ තත්ත්වය හේතුවෙන් රජයේ රෝහල්වල විකිරණ කටයුතු පවත්වාගෙන යාම සැලකිය යුතු ලෙස අඩාලවී ඇති බව වාර්තා වේ.
මීට පෙර වාර්තා වූයේ කොවිඩ් 19 ආසාදිතයන් හඳුනාගැනීමේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය කට්ටල ජාතික රෝහලේ නොමැති වීම නිසා රෝගීන් ඇතුළත් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.

two + seventeen =