“කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ අය 1000 කට වැඩි පිරිසක් රෝහල්වළ”

ශ්‍රී ලංකාව අද වන විට ඉතා අවදානම්, කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ රෝගීන් 1000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් රට පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ වන විට රටේ තිබෙන අවධානම පැහැදිලි කරමින් පැවසුවේ, මේ අවස්ථාවේදී කොවිඩ් මර්දනයට ගත් හැකි සියලු ක්‍රියාමාර්ග නොගත්තොත් ඉදිරි සති තුනක හතරක කාලය තුළ ඉතා දරුණු ව්‍යසනකාරී තත්වයක් මතු විය හැකි බවයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, කොවිඩ් නියුමෝනියාව ඇතිවන අයගෙන් මියයන්නේ ඉතා අඩු සංඛ්‍යාවක් බවත් නමුත් රෝහල්ගත වන විට නිව්මෝනියාව උත්සන්න වී තිබීම, වයස අවුරුදු 60ට වැඩිවීම හා වෙනත් රෝගාබාධ තිබීම වැනි අවස්ථාවලදී රෝගියා මියයාමට අවස්ථාවක් තිබෙන බව ද පවසයි.

කෙසේ වෙතත් නිතර දෑත් පිරිසිඳු කිරීම, නිසි ලෙස මුහුණු ආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වාගැනීම, ජනතාව ගැවසෙන තැන් මගහැරීම මෙම වෛරසයෙන් වැලකීසිටීමට හොඳම පිළිතුරක්.

Leave A Reply

Your email address will not be published.

four × 3 =