“නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI පොලිසිය ද සනාථ කර තිබෙනවා”

- සරත් විරසේකර

නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI එකෙන්ද සනාථ කොට තිබෙන අතර මේ ප්‍රහාරයට විදේශීකයින්ද සම්බන්ධ බවට තොරතුරු ඇතැයි ද මහජන ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකර පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රකාශ කළේය.

නිතිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු යොමු කළ ප්‍රශ්නයන්ට පිළිතුරු ලෙස අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා මෙසේද කීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පසුගියදා නීතිපතිතුමා ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඔහු ප්‍රකාශ නිකුත් කර තිබුණේ පොලීසිය විසින් ඔහු වෙත නිකුත් කර තිබූ උධෘත ගොනුවල අඩුපාඩු තිබෙන නිසා ඒවා නැවත පොලිස්පති වෙත හරවා යවන ලද බවත්, ඒ නිසා නඩු පැවරීම කළ නොහැකි බවත්ය.
එසේම නීතිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිටිමින් කියා තිබුණේ රාජ්‍ය බුද්ධි සේවය පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරන ආකාරය, වෙලාව, දිනය යනාදිය ලබාදීම හරහා දැවැන්ත කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබෙන බවත්ය.
එසේම ඔහු කියා සිටියා ශ්‍රී ලංකා රජය විසින් මහ මොලකරු යැයි පවසන නවුෆර් මවුලවි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් සහ කණ්ඩායම් නායකයා වුවත්, මහ මොලකරු ඔහු බව නිශ්චිතව කිව නොහැකි බවත්ය.
තවද මේ දක්වා විදේශීය පුද්ගලයින් මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති බවත්, නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා ඔවුන් හඳුනා නොගත් පුද්ගලයින් ලෙස දැනට සළකන බවත්, ඇතැම් විට කිසිදු අවස්ථාවක විදේශීය පුද්ගලයින් හෙලි නොවනු ඇති බවත්ය

Leave A Reply

Your email address will not be published.

9 + nine =