වරාය පනතට විරෝධය දක්වා ජවිපෙ පාරට බසියි

83

කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරයක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද(19) උදේ 10.00ට පවත්වන ලදී.
සංචරණ සහ නිරෝදායන නීති වලට අනුකුලව පවතී මෙම විරෝධතාවයට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, සහ මන්ත්‍රිනී හැරිණි අමරසූරිය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී අද ඇරඹෙයි. විවාදය අද සහ හෙට දින දෙකක් පුරා පැවැත්වෙන අතර පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම හෙට සවස 4:30 ට පැවැත්වීමට නියමිතය .

Previous articleබෝගම්බර පැරණි බන්ධනාගාරයේ 104 කට කොරෝනා
Next article“නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI පොලිසිය ද සනාථ කර තිබෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here