ගල්ගමුව තවත් 25 ක් Positive

ගල්ගමුව සෞඛ්‍ය අංශ මගින් පසුගිය දිනවල පරීක්ෂණය සදහා යවාතිබූ PCR සාම්පල 123 කින් 25 ක් Positive වී ඇත.
ලිපිනයන්ට අනුව මෙම ආසාධිතයින් ඇහැටුවැව-නොච්චිය-ගනේ දිවුල්වැව-මොලැව-මහගල්කඩවල-ජයලන්ද -ජයබිම-කත්නෝරුව-වේදිනිගම-මොට්ටාරම්පතාන-කෝන්වැව ආදි ප්‍රදේශයන්හි පදිංචි කරුවන්. මෙම ආසාධිත 25 අතරට පොලිස් නිලධාැරීන් තිදෙනකු හෝ සිව් දෙනෙකු ඇතුලත්වන බව පැවසෙනවා. තවත් දෙදෙනක් තඹුත්තේගම ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවිකාවන් දෙදෙනෙක්.
ඉතා අසාධ්‍ය තත්වයෙන් කුරුණෑගල ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගල්ගමුව පොරොත්තුකඩවල පදිංචි කාන්තාවක් අද මියගියා.
පවතින තත්වය අනුව ගල්ගමුව ප්‍රදේශයේ වෛරසය පැතිර යාමේ අවධානම ඉතාමත් සීඝ්‍රෙලස ඉහල යන බව පවසන සෞඛ්‍ය අංශ නිලධාරීහු මෙම තත්වය යම් දුරකට හෝ අවම කර ගැනීම සදහා සංචරණ සීමා හා සෞඛ්‍ය නීතිරීති අකුරටම පිළිපැදීම අත්‍යවශ්‍ය බව ද පවසනවා.
– චන්ද්‍රරත්න ඉලංගකෝන්

Leave A Reply

Your email address will not be published.

5 × 4 =