අද (18) මෙරට කොවිඩ් මරණ 34ක් , සමස්ත මරණ 1,000 ඉක්මවයි

කොවිඩ් මරණ 34ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

මෙම මරණ 34 ත් සමඟ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 1015කි. එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවද මෙය වෙයි.

මියගිය පිරිස අතර 20 හැවිරිදි, 38 සහ 32 හැවිරිදි වියේ වූ තරුණ අය තිදෙනෙක් ද වේ.

Leave A Reply

Your email address will not be published.

10 − 2 =