යුදෙව්වෝ හිට්ලර්ට වඩා කෘෘරය – වෛරසයෙන් මිය යනවාද? ඊශ්‍රායල් වෙඩි පහරකින් මිය යනවාද ?

යුදෙව්වෝ හිට්ලර්  වඩා කෘෘරය. නැතිනම් මේ මිනිසුන් හිට්ලර්ට සමානය. 1939 දි යුදෙව්වන් මිහිතලයෙන් අතුගා දැමීමේ හිටිලර්ගේ යුරෝපා ක්‍රියාන්විතයේදි කිසිදු යුරෝපයේ රටක් ඊට එරෙහි වුයේ නැත. එරෙහි නොවුවා පමණක් නොව හිට්ලර්ගේ හිත දිනාගැනිමට ඔවුහු තම රටේ ජීවත් වු යුදෙව් ජාතිකයෝ පාවා දුන්හ. පෝලන්තයට,නෙදර්ලන්තයට, ස්විස්ටර්ලන්තයට හා ඩෙන්මාර්කයට ඇත්තේ ඒ පිළිබදව අපකීර්තිමත් ඉතිහාසයකි. ඈන් ෆෑන්ක් වැනි දරුවන් සිය දෙමවුපියන් සමග වසර ගනනාවක් පුංචි රහසිගත කුටියක ඇමස්ටඩෑම්වළ ස්වයංව සිරගතව සිටියේ ඒකය. ඉතාලිය යුදෙව්වන් ඝාතනය කළේ ජර්මනිය ඉන් පරාජ කරමියි සිතාගෙනය. යම් යුරෝපා රටක් යුදෙව්වන්ව ආරක්ෂා කලානම් ඒකළේ ඔවුන්ට හිටිලර් යුධ ප්‍රකාශ කිරිමෙන් පසුව විනා ඊට පෙර නොවේ. එවිට යුදෙව්වන් සතුව තිබුනේ සිය කුට බුද්ධිය හා වෙලදාමෙන් උපයාගත් මහා ධනස්කන්ධය පමනි. මේ මහා ධනපති යුදෙව් වෙලෙන්දන් තම වර්ගයාගේම අසරන දුගි මිනිසුන්ව හිටිලර්ට පවාදි සිය ජිවිත බෙිරාගත් අප්‍රසන්න තැන් ඉතිහාසය අපට ඕනෑවටත් වඩා කියාදේ.
දැන් මිහිතලයේ ඉන්නේ ඒ අසරන යුදෙව්වා නොවේ. තවත් ජාතියක් මිහිතලයෙන් තුරන් කිරීමට ලෑස්ති, අතිශය බලවත් හා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වසරකට නොමිලේ ඩොලර් බිලියන 3ක් ලබන යුදෙව්වකි. දැන් මේ යුදෙව්වාට ඩියුටියක් තිබේ. ඉතිහාසයක් මුලුල්ලේ එකට ජිවත්වු එකට සිටි පසුව තමා විසින්ම වෙන් කළ සිය අසල්වැසියාගේ ඉඩම් උදුරා ගැනීම සහ එක්සත් ජනපදයට අරියාදු කරන කලාපයේ ඕනෑම කෙනෙක්ව හපා කෑමේ සිය ප්‍රතිපත්තිය රැක ගැනිම. මේ ඩියුටියයි. යුදෙව්වා එය අකුරටම ඉටු කරයි .

මේ මිනිසා හිට්ලර්ටත් අන්ත දරුනු ඝාතකයෙක් වන්නේ කෙසේද ?

පලස්තිනුවන් 200ක් ඝාතනය කරන විට ඒ අතර කුඩා දරුවන් 59 ක් දකින්න මේ යුදෙව්වාට අවශ්‍යය. පලස්තිනුවන් 200 ක් ඝාතනය කරන විට ඒ අතර ගැහැණුන් 33 ක් වත් දැකිමට මේ යුදෙව්වාට අවශ්‍යය. හිට්ලර්ටත් අන්ත ලේ පිපාසය ඇතතේ එතැනය.
ඔහු හිට්ලර්ට සමාන ඇයි ? ඒ ගොබෙල්ස් න්‍යාය අකුරටම රකින නිසාය. ගාසා තිරයේ මහල් 13 ගොඩනැගිල්ලකට පහර දි ජනතාවට සත්‍ය තොරතුරු පවසන ඇසෝසියේටඩ් ප්‍රෙස් සහ අල් ජසීරා මාධ්‍ය කාර්යාල සුනුවිසුනු කල ඊශ්‍රාලය පැවසුවේ එය සන්නද්ධ හමාස්වරුන්ගේ තිප්පොලක් බවය. එහෙත් ප්‍රහාරයෙන් පසුව එහි තිබී කැටපෝලයක් හෝ පෙන්නන්න මේ යුදෙව්වා අසමත් විය.
ඊශ්‍රාලය සහතිකවම යුධ අපරාධ කරුවෙකි. යුදෙව්වන් විසින් තමන්ට එරෙහි සන්නද්ධ හෝ එසේ නොමැති හමාස් සාමාජිකයන් 7 දෙනෙකු ඝාතනය කරන විට නිරායුධ සිවිල් ඡනතාව 193 ක් ඝාතනය කරයි. තමන්ට එක්සත් ජනපදය සැපයු සහ එක්සත් ජනපදය විසින් නඩත්තු කරන මිසයිල ආරක්ෂක පද්ධතියක සෙවනේ රැකවරණය ලබමින්. එ ඊණියා යකඩ ගෝලය තුල හිද ගාසා තීරයේ එලිමහන් සිරකදවුරු වැනි පලස්තින ජනයා කොටුකර තබාගන්නා ස්ථානයන්ට බෝම්බ අතඅරියි.
ගසා තිරයේ පලස්තිනුවන්ට තිබු එකම Covid 19 රෝහල වන Al-Rimal clinic වෙත ඊයේ උදෑසන පහර දුන් ඝාතකයා පලස්තින මිනිසාට තෝරා ගැනිම් දෙකක් ඉදිරිපත් කර තිබේ. වෛරසයෙන් මිය යනවාද? ඊශ්‍රායල් වෙඩි පහරකින් මිය යනවාද ? ඒ මොහොතේම ගාසාහි covid වෛරසය පාලනය කරන හා මර්ධනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශ කාර්යාලයටද පහර දුන් ඔවුහු එහි වෛද්‍යවරැන්ට ඉවත් වෙයල්ලා යන අනතුරැ ඇගවිම එක එල්ලේ ඉදිරිපත් කලේය.
මෙි සියල්ලම කුමක් අරභයාද ඊශ්‍රාලය ? තමාට විතර හයියක් නැති අසල්වැසියාගේ ඉඩම උදුරා ගැනිමටය. මෙම ක්‍රමය ඉපැරනි යටත් විජිත ඉතිහාසය අපට නැවත මතක් කර සිටී
දශකයකට වැඩි කාලයක් තිස්සේ ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන් කොටුකර එළිමහන් බන්ධනාගාරයක් පවත්වාගෙන යමින් සිටියි.ඒ අතරම ඊශ්‍රාලය එම ප්‍රදේශයට අවශ්‍ විදුලිය ජලය වැනි සැපයුම් සේවා වරින් වර කපා හරී. නිසි වෛද්‍ය ආධාර ලබා නොදෙයි. සහ ගාසා තීරයේ විරැකියා අනුපාතය සියයට 49.1 සිට 52 දක්වා ස්ථාවර මටිටමක තබා ගැනිමට උත්සාහ කරයි.. ගාසා තීරයේ පලස්තීනුවන්, ඔවුන්ගෙන් බහුතරයක් හමාස් සටන්කරුවන් නොව සිවිල් පවුල් ය.. ඔවුන් වසර 14 ක් තිස්සේ හුස්ම හිරවන අවහිරයක් යටතේ ජීවත් වන අතර, ඊශ්‍රායලයේ හමුදා එහි වාඩිලාගෙන පලස්තීන ප්‍රදේශවල පලස්තීනුවන් මූලික වශයෙන් පාලනය කරනු ලබන්නේ වර්ණභේදවාදයක ස්වරූපයෙනි. මෙය ජාත්‍යන්තර හා ඊශ්‍රායල මානව හිමිකම් කණ්ඩායම් විසින් පවා ප්‍රතිරාවය කරන ලද තක්සේරුවකි” “ඔවුන්ට ගුවනින් බෝම්බ නොහෙලු විට පවා ගාසා තීරයේ ජීවිතය දුෂ්කර ය. “සත්‍යය නම්, ගාසා තීරයේ පුරවැසියන්ට ඊශ්‍රායෙලයේ පුරවැසියන් මෙන් ඔවුන්ව ආරක්ෂා කිරීමට යකඩ ආරක්ෂණ තටාකයක් නොමැත. ඔවුහු ඔනෑම ආකරයේ බෝම්බ හෙලිමකට විවෘතය. එබැවින් යුදෙව්වා මේ අනාරක්ෂිත මිනිසුන් මත බෝම්බ හෙලමින් ලෝකයට මෙසේ කියයි.
” බලන්න අපේ දහයක් මැරෙනකොට අපි උන්ගෙ 200 ක් මරනවා !“‘

– උපාලි ජයසිංහ 

Leave A Reply

Your email address will not be published.

17 + 4 =