“පාස්කු ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් සිදුවුනා… මහ මොළකරු නවුෆර් මව්ලවි නොවෙයි”

- නීතිපති දප්පුල ද ලිවේරා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවත් ශ්‍රී ලංකා රජය විසින් මහමොලකරු යැයි පවසන නවුෆර් මවුලවී මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් මෙන්ම කණ්ඩායමේ නායකයා වුවත් මහමොලකරු මොහු බවට නිශ්චිතවම තවමත් කිව නොහැකි බවත් නීතිපති දප්පුල ද ලිවේරා ප්‍රකාශ කරයි.

රාජ්‍ය බුද්ධි සේවය හෙවත් SIS ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන බවත් මෙම දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රජය විසින් මහමොලකරු යැයි පවසන නවුෆර් මවුලවී ඇතුළු සැකකරුවන් රැසක් පිළිබඳව අවධානය යොමුකර ඇති බවද ඔහු පවසයි.

කුමන්ත්‍රණය සිදුකළ පුද්ගලයින් වෙනම තලයක සිටින බවත් සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළද ඔහුත් මෙම කුමන්ත්‍රණකාරී පුද්ගලයින්ගෙන් එක් අයෙකු පමණක් බවත් නීතිපතිවරයා අවධාරණය කරයි.

මේ දක්වා විදේශීය පුද්ගලයින් මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති අතර නීතිය ඉදිරියට ගෙනඒම සඳහා ඔවුන් හඳුනා නොගත් පුද්ගලයින් ලෙස දැනට සලකන බවද නීතිපතිවරයා පවසයි.

ඇතැම් විට කිසිදු අවස්ථාවක විදේශීය පුද්ගලයින් හෙළි නොවනු ඇති බවද නීතිපතිවරයා පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.

1 × 1 =