ඊශ්‍රායලයේ ඩ්‍රෝම් ආරක්ෂණ පද්ධතියේ නිර්මාතෘ Daniel Gold

Daniel Gold යනු ඊශ්‍රායලයේ අයන් ඩ්‍රෝම් ආරක්ෂණ පද්ධතියේ නිර්මාතෘය. රටකට බාහිර ලෝකායන් එල්ලවන තර්ජනයන් මෙන්ම යුද්ධ ලොවට නවීන තාක්ෂණයෙන් නව නිපැයුම් රාශියක් තිළිණ කර ඇත. ඒවා විවිධ තත්වයන් තුල සුභ හා අසුභ ලෙස නිමැවුනිද ඉතිහාසය වෙනස් කිරීමට මේ වනවිට සමත් වී ඇත. ඊශ්‍රායලය යනු අරාබි රටවල දත් තිස්දෙක මැද පිහිටි කුඩා රාජ්‍යයකි. එබැවින් නිරන්තර රොකට් හා මිසයිල ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදුවිය.
2010 දී ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කළ රොකට් ප්‍රහාරය ඊශ්‍රායෙලයට වලක්වා ලීමට නොහැකි වන්නේ මිසයිල ආරක්ෂණ පද්ධතියක් රට තුල ස්ථාපනය කර නොමැති බැවිනි. එම ප්‍රහාරයෙන් ඊශ්‍රායෙල් සිවිල් පුරවැසියන් 44 දෙනෙකු මියගියේය. ඉන් ලැබූ කම්පනය ඩැනියෙල් ගෝල්ඩ්ගේ ගමන්මග වෙනස් කිරීමට සමත්විය. ආරක්ෂිත උපකරණ අවි ආයුධ නිර්මාණය පිළිබඳ හසල දැනුමක් හිමි මිනිසෙකු වූ ඔහු තමා සේවය කළ Rafael Advanced Defense Systems ආයතනයට තම සැලසුම ඉදිරිපත් කළේය. එය ඉතා ඉහළින් පිළිගත් එම සමාගම දැවැන්ත මුදලක් යටකරමින් Israel Aerospace Industries සමග අයන් ඩ්‍රෝම් ව්‍යාපෘතිය නිළ වශයෙන් ආරම්භ කරන ලද්දේ 2011 වසරේදීය.
ඊශ්‍රායෙලයට ගුවනින් ප්‍රහාර එල්ලවූ 2011 2012 හා මේ ලියන මොහොත දක්වාම තම මව්බිම ආරක්ෂා කරනු ලබන්නේ මෙම අයන් ඩ්‍රෝම් හරහාය. මෙම මිසයිල විදිනයක බැටිරියේ වටිණාකම පමණක් ඩොලර් මිලියන 50 ක් වන අතර එක මිසයිලයක් තම රටට ඇතුල්වීම වලකා ගුවනේදී විනාශ කිරීමට වැය කරන එක මිසයිලයක වටිණාකම ඩොලර් 40000 කි. මෙම අයන් ඩ්‍රෝමය හරහා කිමී. 4 සිට කි.මී. 70 ක දුරක ඉලක්කයකට මිසයිල කක්ෂ ගත කළ හැක. නමුත් මේ වනවිට මෙම දුර කි.මී. 250 දක්වා වර්ධනය කිරීමට එම සමාගම් අත්හදා බලමින් සිටී. එයද මෙම යුද්ධ තත්වයේදී බොහෝ දුරට විය හැක. 2021 වසරේ පලස්තීන හමාස් සංවිධානය ප්‍රමුඛ ප්‍රහාරකයින් විසින් ඊශ්‍රායෙලයට රොකට් බ්‍රහාර 30000 ක් පමණ මේ වනවිට එල්ල කර ඇත. ඒ සියල්ලම පාහේ මැඩපැවැත්වීමට සමත් වූයේ රට වටේට ස්ථාපිත නොට ඇති අයන් ඩ්‍රෝම් විසිනි. මේ වනවිට ඊශ්‍රායෙල මුහුදු සීමාවේ සතු ගෑස් නිධි පවා ආරක්ෂා කිරීමට අයන් ඩ්‍රෝම් තම නාවික යාත්‍රා තුල සවිකර ඇත.
-රසල් බන්ඩාරවත්ත(fb)

Leave A Reply

Your email address will not be published.

5 + 8 =