අද (17) දිනයේ කොවිඩ් ආසාදනය වූ 2,433 ක් හඳුනා ගනියි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,433 ක් අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
අද දිනයේ මුලින් ආසාදිතයන් 1,579 දෙනෙක් සහ දෙවනුව ආසාදිතයන් 854දෙනෙකු ද වශයෙන් වාර්තා විය.
මේ අනුව අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,433 ක් ලෙස සටහන් වෙයි.

මේ අතර කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 145,179කි.

Leave A Reply

Your email address will not be published.

four × 4 =