මෙම සති අන්තයේ සිට දින 5 ක් රට පුරා යළි සංචරණ සීමා

රට තුළ පවතින වසංගත තත්වය හේතුකොටගෙන රටපුරා තවත් දින 5 ක් සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබේ.

එය ලබන 21වැනිදා සිකුරාදා රාත්‍රී 11.00සිට 25 වැනිදා අඟහරුවාදා අලුයම 4 දක්වාත් යලි 25වැනිදා රාත්‍රී 11.00 සිට 28 වැනිදා සිකුරාදා අලුයම 4 දක්වාත් රටපුරා සංචරණ සීමා පැනවෙන බව කොවිඩ් 19 පාලනය කිරිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

වෙසක් සමයේදී ජනයා ඒකරාශී වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවත් සෞඛ්‍ය බලධාරීන් හා විශේෂඥයින් පිරිසක් සමග ඊයේ (17)පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම පියවර ගත් බවද රජය පවසයි.

දැනට පවතින සංචරණ සීමාද රාත්‍රී 11 සිට අළුයම 4.00දක්වා වූ සංචරණ සීමාද ලබන 31වැනි දා දක්වා අඛණ්ඩවම ක්‍රියාත්මක වන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි .

දැනට පවතින හැඳුනුම්පතේ අංක අනුව නිවෙස්වලින් බැහැර වීමේ ක්‍රමවේදයද ලබන 24 වැනිදා සිකුරාදා සිට ක්‍රියාත්මක නොවන බව පොලිසිය පවසයි.

 

Leave A Reply

Your email address will not be published.

four × 5 =