ආයුධ පෙන්වාවි යැයි බියෙන් වෙලේ සුදාගේ මවත් උසාවි යයි !

මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට මේ වන විට මරණ දණ්ඩනය නියමවී ඇති විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැති පුද්ගලයාගේ මව සිය පුත්‍රයා වෙනුවෙන් අධිකරණයට ගොස් තිබේ.

තාරක විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ඇතුළු දෙදෙනෙකු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව මීට කිහිප දිනකට පෙර ඝාතනය කර ඇති බැවින් තම පුතාගේ ජීවිතය පිළිබඳවද බියක් තමාට ඇති බව ඇය අධිකරණයට පවසා ඇත.

එබැවින් සිය පුත්‍රයාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහුගේ මව විසින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි රජගල්ගොඩ ගමගේ මාලනි නමැති මෙම කාන්තාව අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ බන්ධනාගාරයේ සිටින තම පුතාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි
මෙම පෙත්සම සලකා බැලීමෙන් පසු, වෙලේ සුදාව ලබන 24 දා තෙක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන නොයන ලෙස බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

Leave A Reply

Your email address will not be published.

18 − three =