බගවන්තලාවේ අඹු-සැමි යුවලක් මියයයි, බිරිඳට කොවිඩ්

බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ අඹු-සැමි යුවලක් මියගොස් ඇති අතර කොවිඩ් වෛරසය අසාදනය වී බිරිඳ මියගොස් දින 3කට පසුව ඊයේ (16) දින රාත්‍රියේ සැමියා ද මියගොස් තිබේ.

පසුගිය 13වනදා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති කාන්තාව එදිනම ඇය මියගොස් තිබේ.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ජේ. ගනේෂ් මහතා පැවසුවේ එසේ මියගොස් තිබුණේ 68 හැවිරිදි තිදරු මවක් බවය.

මෙලෙස මියගිය කාන්තාව සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ඊයේ දිනයේ ලැබී ඇති අතර ඇය කොවිඩ් ආසාදිතව සිට ඇති බව අනාවරණ විය.

එදිනම එනම් ඊයේ රාත්‍රියේ ඇයගේ 76 හැවිරිදි සැමියා වන එස්. වඩිවේල් නැමති පුද්ගලයා ද මියගොස් තිබුණි.

එම දේහය සම්බන්ධයෙන් ද මේ වනවිට PCR පරීක්ෂණයක් සිදුකර තිබෙන අතර ඔවුන්ගේ මෘත ශරීර දික්ඔය මුලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

ඔවුන්ගේ පවුලේ සමාජිකයන් 06 දෙනෙකු ද මේ වනවිට ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

five × five =