එන්නත් ගැන ගම්මන්පිල බොරු කියයි – මෙන්න ඇත්ත !

කොවිඩ් මර්දන එන්නත් වර්ග දෙකකින් ලබාදීමේ ප්‍රශ්නයක් නැති බවට උදය ගම්මන්පිල ඇමතිවරයා මාධ්‍යයට කළ ප්‍රකාශය බරපතළ ලෙස වගකීම හෑල්ලු කිරීමක් බවට සෞඛ්‍ය අංශ චෝදනා කරයි.

පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා සඳහන් කර තිබුණේ විශේෂඥයන් විසින් එන්නත් වර්ග දෙකක් සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පර්‍යේෂණ පැවතුණද, කිසිදු විශේෂඥයෙකු එවැනි අනුමැතියක් මෙතෙක් ලබාදී නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එන්නත්කරණවේදී, වෛරස රෝග විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර පවසන්නේ අදාළ කරුණ පිළිබදව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවයි. එය අතිශය වගකීම් සහගත ක්‍රියාවලියක් බව ද වෛද්‍යවරිය සඳහන් කරයි. මෙම එන්නත් සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ අටදෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවේ සාමාජිකාවක ලෙස ද මේ විශේෂඥ වෛද්‍යවරිය කටයුතු කරයි.

Leave A Reply

Your email address will not be published.

13 + three =