තවත් ග්‍රාම සේවා වසම් 70 ක් අද(17) සිට හුදකලා කරයි

දිස්ත්‍රික්ක 10 ග්‍රාම සේවා වසම් 70 ක් අද(17) අලුයම සිට හුදකලා කිරීමට තිරණය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි

නුවරඑළිය,මඩකළපුව,ගාල්ල, අම්පාර,කළුතර,මාතලේ,ත්‍රිකුණාමලය,කුරුණෑගල,ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවල වසම් 70වක් මේ අකාරයට හුදකලා කර ඇත.

මේ අතර මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා අද (17) අලුයම 04.00 ට ඉවත් කෙරුණි.

කෙසේවෙතත් අද දිනයේ සිට දෛනිකව රාත්‍රී 11.00 සිට පසුදින 04.00 දක්වා සුපුරුදු පරිදි සංචරණ සීමා බලපැවැත්වෙන අතර මෙම සීමාවන් මැයි මස 31 වන දින දක්වා බලපැවැත්වෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

මේ ආකාරයෙන් සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී සඳහා පිටත්ව යන පුද්ගලයින්ට හැර සෙසු පුද්ගලයින්ට අද දිනයේ සිට නිවෙස්වලින් පිටව යා හැක්කේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකය පදනම් කරගෙන බව අජිත් රෝහණ වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.

5 − five =