OPPO වෙතින්  OPPO Enco Air

ලොව ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයකු වන OPPO  සන්නාමයේ කොටසක් වන OPPO  Acoustics විසින් සිය OPPO  Enco උපාංග මාලාවේ නවතම උපාංගය ලෙස OPPO Enco Air True Wireless Earphones හඳුන්වා දී තිබේ.

OPPO  Enco Air හි විශේෂත්වය වන්නේ, ජර්මනියේ තාක්ෂණික පරීක්ෂණ සමාගමක් වන TÜV Rheinland වෙතින් True Wireless Earphones සඳහා High – Performance/ Low Latency සහතිකකරණය හිමි කරගත් ලොව ප්‍රථම True wireless earphone උපාංගය එය වීම ය. TÜV Rheinland හි earphone පරීක්ෂණ සහ සහතිකකරණ ක්‍රමවේදයන්ගෙන් සාර්ථක ලෙස සමත් වීම නිසා මෙම සහතිකය පිරිනමා තිබේ.

OPPO  Enco Air හි charging case නිමවා ඇත්තේ අලංකාරය මෙන්ම දෑතට සුවපහසුව ගෙනෙන matte texture එකක් සමගිනි. එහි ඉහළ ආවරණයද, අනෙකුත් සියලුම අංගද ඉතාමත් ආකර්ෂණීය ලෙස සැලසුම් කර ඇත. Misty White සහ Misty Black යන වර්ණ දෙකෙන් මෙම උපාංග ලබාගත හැකි වේ.

පැළඳ සිටින්නාට වැඩි පහසුවක් ගෙනෙන ආකාරයට, මිනිස් කනට වඩාත් පහසු බවට පර්යේෂණවලින් තහවුරු කරන ලද Semi in-ear නිමාවකින් යුතුව OPPO Enco Air නිපදවා ඇත. ග්‍රෑම් 3.75 ක් තරම් අඩු බරකින් යුක්ත නිසා පැළඳ සිටින්නාට එහි බර නොදැනෙන තරම් ය.  සාමාන්‍ය තත්ත්වයන් යටතේ ජලය ඇතුළු නොවන බවට වන IPX4 water-resistant  සහතිකයද ඇත.

Bass-enhancing ducts සහ 12mm Composite titanium drivers සහිතව නිපදවා ඇති මෙහි Bass සහ Treble නාද රටාවන් ඉතාමත් විශිෂ්ට ලෙස ලබාදෙයි. තවද අව්‍යාජ සහ උසස් තත්ත්වයේ ශ්‍රව්‍යමය අත්දැකීමක් ලබාදෙන Advanced Audio Coding (AAC)  සහ Sub-band Codec (SBC) තාක්ෂණයන්ද OPPO Enco Air උපාංගයේ භාවිතා වේ.

මෙම Enco Air සම්පූර්ණයෙන් ආරෝපණය කිරීම මගින් පැය 24 ක් දක්වා භාවිතා කළ හැක●

 

Leave A Reply

Your email address will not be published.

4 × 5 =