බූස්සේ 39කට කොවිඩ් !

බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවියන් 39 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

දින කිහිපයකට පෙර මේ රැඳවියන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි. ඒවායේ ප්‍රථිඵල ඊයේ (16) උදෑසන ලැබී තිබූ බවත්, එම වාර්තාවලින් මේ බව තහවුරු වූ බවත් දකුණු පළාත් සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

බන්ධනාගාරවල කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියේ සීග්‍ර වැඩිවීමක් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මීට පෙර සඳහන් කර තිබිණි. ඔවුන් මානව හිමිකම් කොමිසම ඇතුළු වගකිවයුතු පාර්ශ්ව වලට දැනුම් දී තිබුණේ මීට අදාළව බන්ධනාගාර පරිපාලනය විධිමත් පියවර නොගන්නා බවයි.

Leave A Reply

Your email address will not be published.

fifteen + 3 =