කාර්යසාධක බලකා ප්‍රධානියාත් රට – ජනතා අවශ්‍යතා ඉටුවන්නේ නෑ – කරු ජයසූරිය

කොවිඩ්-19 වසංගත තත්ත්වය යටතේ පනවා ඇති සංචරණ සීමාවලට අදාළ ව ජනතා අවශ්‍යතා ඉටුකිරීමට ආණ්ඩුව කටයුතු නොකිරීම බරපතළ තත්ත්වයක් බව හිටපු කතානායක කරු ජයසූරිය අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කාර්‍යසාධක බලකායේ ප්‍රධානියා ද විදේශගත වී ඇති බවත්, ජනතාවට එදිනෙදා අවශ්‍ය එළවළු සහ පළතුරු බෙදාහැරීමේ ක්‍රියාවලිය පවා, මීට පෙර අවස්ථාවලදී මෙන් විධිමත් ව සිදු නොවන බවත් හිටපු කතානායකවරයා පෙන්වා දෙයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර සිටී.

අදාළ කාර්‍යසාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ හදිසියේ විදේශගත වීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ පුළුල් කතාබහක් ඇති වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

twenty + two =