බෝම්බයෙන් තුවාල ලත් මාලදිවයින් හිටපු ජනාධිපතිගේ ඡායාරූප මාධ්‍යයට !

මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වර්තමාන කතානායක මොහොමඩ් නෂීඩ්ගේ ඡායාරූප කිහිපයක් ඔහුගේ පවුලේ සමීපතමයන් විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

දින කිහිපයකට පෙර බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූ හිටපු ජනාධිපතිවරයා, මේ වන විට ජර්මනියේ බර්ලින් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.

බෝම්බ ප්‍රහාරයෙන් පසු ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් වන ඡායාරූප කිසිවක් මාධ්‍යයට නිකුත් නොවීම නිසා, ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් සිටින බවට ද වාර්තා පළ වී තිබිණි. කෙසේ වෙතත් පවුලේ සමීපතමයන් පවසන්නේ නෂීඩ් ඉක්මනින් සුවවෙමින් සිටින බවයි.

Leave A Reply

Your email address will not be published.

four × one =