තවත් ගැබිණි කාන්තාවක් සහ ඇගේ නූපන් 8 මස් බිළිඳිය ද මියයයි

කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ සිව්වන ගැබිණි කාන්තා මරණයත් ඊයේ (15) රාත්‍රියේදී වාර්තා වී ඇති අතර ඒ තිස්සමහාරාම යායගොඩ පදිංචි වයස අවුරුදු 35ක ගැබිණි කාන්තාවකි.
ඇය සමඟ ඇයගේ මාස 8ක් වන බිළිඳිය ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ පවසි.

මෙම මියගිය තැනැත්තිය ඇතුළු පවුලේ 12 දෙනෙකු පමණ පසුගිය අප්‍රේල් 29 වනදා මහරගම ප්‍රදේශයේ පැවැති සාදයකට සහභාගී වී තිබෙන බවත් පසුව ඊට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගෙන තිබෙන බවද වාර්තා වේ.

ඉකුත් 5 වනදා උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී මෙම මියගිය කාන්තාව දෙබරවැව රෝහලට ඇතුළත් වී එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇය සහ සැමියා ආසාදිත බවට තහවුරු වී තිබේ.

පසුව ගැබිණි මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත්, සැමියා අම්බලන්තොට රෝහලටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ගැබිණි කාන්තාව අවාසනාවත්ත ලෙස මියගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

twelve − four =