අපරාධකරුවන් බේරන්න සැකකරුවන් ඝාතනය කරයි !

අපරාධවලට සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයන් බේරීම සඳහා, එවැනි අපරාධ සඳහා යොදා ගන්නා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් ඝාතනය කරන්නේද යන සැකය මතුවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ අවධාරණය කරති.
පසුගිය 11දා සහ 12දා මෙසේ යළිත් පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු ඝාතනයට ලක්විය. ඒ මබුලාගේ දිනෙත් මබුලා හෙවත් ඌරු ජුවා සහ ධර්මකීර්තිලාගේ තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක යන දෙදෙනා ය. නවගමුව පොලිසිය භාරයේ සිටියදී සහ පෑලියගොඩ විශේෂ විමර්ශන කොට්ඨාසය භාරයේ සිටියදී මේ සැකකරුවන් දෙදෙනා ඝාතනය වී තිබිණි.
මෙසේ සැකකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ පුළුල් කතාබහක් ඇතිවුවද, ඒ සිදුවීම් සම්බන්ධයෙන් විධිමත්ව විමර්ශනය‌ නොකිරීම ද සැකයට හේතුවක් බව අවධාරණය කරන අදාළ නීතිවේදීන්, වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මේ සිදුවීම්වලදී මහේස්ත්‍රාත්වරුන්ට ද බරපතළ වගකීමක් පැවරෙන බවයි. ඔවුන් මේ සිදුවීම්වලට අදාළ පොලිසිය පාර්ශ්වයේ කතාව පිළිනොගෙන, වින්දිත පාර්ශ්වයේ මෙන්ම ඇසින් දුටු සාක්ෂි සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකිරීමට කටයුතු කළහොත්, මේ තත්ත්වය වෙනස් කිරීමට හැකි බවද අදාළ නීතිවේදීහු පෙන්වා දෙති.

Leave A Reply

Your email address will not be published.

2 × two =