ඇසට්ලයින් ලීසිං නවතම ශාඛාව අම්බලන්ගොඩදී

ප්‍රාදේශීය ශාඛා ජාලය තව දුරටත් ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලීසිං සමාගමක් වන ඇසට්ලයින් ලීසිං පසුගියදා එහි නවතම ශාඛාව අම්බලන්ගොඩ දී විවෘත කළේය. ලංකාව පුරා විසිරී ඇති ඇසට්ලයින් ලීසිං ජාලයේ සාඩම්බර 53 වෙනි සාමාජිකයා ලෙස අංක 24, ගාලු පාර, ඌරවත්ත, අම්බලන්ගොඩ යන ලිපිනයේ පිහිටි නව ශාඛාව පාරිභෝගිකයින් අතරට එක් විය.

වාහන ලීසිං, වාහන ණය, ව්‍යාපාරික ණය ඇතුළු සියලුම ආකාරයේ ලීසිං සහ මූල්‍ය සේවා සමග ගනුදෙනුකරුවන්ගේ සුවිශේෂී අවශ්‍යතා සපුරාලන්නට ඇසට්ලයින් ලීසිං අම්බලන්ගොඩ ශාඛාව සැදී පැහැදී සිටී. පාරිභෝගිකයන්ගේ පහසුව තව දුරටත් තහවුරු කරමින් ඕනෑම වේලාවක වාරික මුදල් තැන්පත් කිරීමට හැකි, පැය 24 පුරා ක්‍රියාත්මක වන Easy Pay යන්ත්‍රයක්ද මෙම පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇත.

ඩේවිඩ් පීරිස් සමූහයේ අනෙකුත් සමාගම්වලින් ලබාදෙන සේවාද අම්බලන්ගොඩ ඇසට්ලයින් ශාඛාව පිහිටි පරිශ්‍රයෙන්ම පාරිභෝගිකයන්ට ලබා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව රියසක්වළ1 හරහා ඕනෑම ලියාපදිංචි වාහනයක් විකිණීමට, මිලදී ගැනීමට හෝ හුවමාරු කිරීමට, DPMC ජෙනුයින් පාර්ට්ස් අලෙවි මධ්‍යස්ථානයෙන් බජාජ් ජෙනුයින් අමතර කොටස් හා උපංග, MRF ටයර් සහ බජාජ් ජෙනුයින් ඔයිල්, ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් වෙතින් රක්ෂණ පහසුකම් මෙන්ම ඩී පී ග්ලෝබල් වෙන්චර්ස් වෙතින් කාබනික සහ ස්වාභාවික කෘෂි නිෂ්පාදන ලබා ගැනීමට ද අම්බලන්ගොඩ ඇසට්ලයින් පරිශ්‍රයට පැමිණෙන පාරිභෝගිකයින්ට ඇත●

 

Leave A Reply

Your email address will not be published.

nine + 13 =