දීපා මෙහෙතාගේ ‘අමුතු ඉලන්දාරියා’ සහ ලංකාවට අසම සමරිසි

සමලිංගිකත්වය යනු ආදි මානව ශිෂ්ටාචාරයන් පුරාවටම පැවති චර්යාවකි. සමලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර වලදී අස්වාභාවික චර්යාවක් ලෙස සැලකුනේ නැත​. ග්‍රීක ඉතිහාසඥයෙකු වන හෙරොඩෝටස් ග්‍රීක සමාජයේ පැවති සමරිසි චාරිත්‍ර ගැන ලියා තිබේ. ආදි අප්‍රිකානු සහ උතුරු ඇමරිකානු ස්වදේශිය ජන සමාජ වල සමලිංගිකත්වයට තහංචි නොවීය​. රතු ඉන්දියානුවන් අතර සමකාමීන් හඳුන්වන ලද්දේ ද්විත්ව ආත්මයක් ඇති (Two-spirited ) තැනැත්තන් ලෙසටය. ​පිතෘ මූලික සමාජයක් වූ රෝම සමාජයේද සමරිසි බව පිළිගෙන තිබුණි. රෝම කවියෙකු වූ වර්ජිල් සමරිසියන් අතර තිබූ ආදරය පිලිබඳ කවි ලියුවේය​.

රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව නැගී ගෙන ආ නව ආගමික ප්‍රවනතා සම ලිංගිකත්වය ප්‍රතික්ශේප කරන ලදි. ආදි ක්‍රිස්තියානි දේශකයෙකු වූ ටර්ටූලියන් ( කි.ව 155-ක්‍රි.ව 240) සමලිංගිකත්වය අස්වාභාවික සහ දුරාචාර ක්‍රියාවක් බව දේශනා කලේය​. බයිබලයේ සඳහන් වන පරිදි දෙවියන් වහන්සේ විසින් සොඩාම් සහ ගොමෝරා නගර දෙක විනාශ කර දමන්නේ ඔවුන් සමලිංගිකත්වය පරිචාරය කල බැවිනි. ඉස්ලාම් දහමට අනුව සමලිංගිකත්වය පාපයකි.ඒ සඳහා දඞුවම් කල යුතුය​. ඉස්ලාමික ශරියා නීතියට අනුව සමලිංගික සේවනය සඳහා හිස ගසාදැමීමෙන් හෝ ගල්ගැසීමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබේ. යුදෙව් ටෝ‍රා ග්‍රන්ථයේද සමලිංගිකත්වය ප්‍රතික්ශේප කරයි.

පසුකාලීනව ආගමික මති මතාන්තර නිසා බොහෝ සමාජ වල සමරිසියන් කෙරෙහි වෛරයක් මෙන්ම විරෝධයක් මතු විය. 13 වන සියවසේදී ක්‍රිස්තියානි ශාස්ත්‍රඥයෙකු වූ තෝමස් ඇක්වයිනාස් සම ලිංගිකතාව ස්වභාව ධර්මයට එදිරිව යන අස්වාභාවික ක්‍රියාවක් ලෙස දේශනා කලේය. මධ්‍යතන යුගයේ යුරෝපයේ ක්‍රිස්තියානි පල්ලිය විසින් සමරිසියන් ඝාතනය කිරීමට අනුබල දෙන ලදි. ස්පාඤ්ඤ සංවික්‍ෂණ සමයේදී (Spanish Inquisition ) සමරිසියන් ලෙස සැක කල ගැහැනුන් සහ මිනිසුන් සාතන් ගේ දරුවන් ලෙස පරිභවයට පත් කොට පණ පිටින් පුළුස්සා මරා දමන ලදි. එංගලන්තයේ වික්ටෝ‍රියානු සමාජය තුල සමලිංගිකත්වයට නෛතික තහනමක් තිබූ අතර සමලිංගික චෝදනා ලද සාහිත්‍යධර ඔස්කා වයිල්ඩ් සිරගෙට පවා නියම විය​. ලුමියෙර් සොයුරන්ට පිංසිදුවන්නට සෙලියුලයිඩි සිනමාවෙන් සමලිංගිකත්වයට තිබු සීමා, වැටකඩොලු බිඳදමන්නට හැකි විය. සිනමාව වැනි අතිශය ප්‍රබල මාධ්‍යකින් සමලිංගිකත්වය පිළිබඳ නිර්මාණ තැනුහ. විඳවමින් කල් ගෙවන සමලිංගික ප්‍රජාවගේ දිවිය පිළිබඳ තතු සිනමාවෙන් අනාවරණය කළ අතැර ප්‍රේක්ෂකයා කෙරෙහි සමලිංගිකත්වය තිබු වැරදි ආකල්ප ශෝධනයට ලක් කළහ. මෙි එවැනි වු ⁣සමලිංගිකත්වය සහ ජාතිවාදය පිළිබඳ වැරදි ආකල්ප ශෝධනයට ලක් කළ හැකි අපුරැ චිත්‍රපටයක් පිළිබඳවයි මෙි කතාව.

ලංකාවෙි සාහිත්‍යය තුළින් නිපන් අපුරැ ග්‍රන්ථ කතුවරයෙක්ගේ සමරිසි කතන්දරයක් පිළිබඳව මෑතකදි විශිෂ්ට කෘතියක් ලෙසින් කියවන්නට ලැබිණි. ඒ ‘ශ්‍යාමි සෙල්වදොරෙයි විසින් රචනා කරන ලද’ “Funny Boy ” නවකතාවයි. ශ්‍යාමි සෙල්වදොරෙයි ‘Funny Boy” වස්තු විෂය කරගෙන දීපා මෙහෙතා නමි විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරිය විසින් චිත්‍රපටයකට නඟන්නේ ය. එහි නම වනුයේ ද “FUNNY BOY” ය. නවකතාව තුළ සේම චිත්‍රපටය තුළ කතාව දිවෙන්නේ අර්ජි චෙල්වරත්නමි නමි තරැණ වියේ පසුවන සමරිසි තරැණයකු පිළිබඳව ය. ශ්‍යාමි සෙල්වදොරෙයි විසින් තම නවකතාවට වස්තු විෂය කරගත් තම ජීවිතයේ ලද අත්දැකීමි මෙලෙස අර්ජි නමි චරිතය ලෙසින් ප්‍රේක්ෂකයා ඉදිරියේ පාදුර්භූත වන්නේ ය. සිනමාපටයට 1989 පැවති දමිළ සහ සිංහල ජනවර්ගයන් ද්ව්ත්වය අතර පැවති කෝලාහලය පූර්ණ වශයෙන් පාදක වෙයි. 1983 දෙමල සිංහල ජාතිවාදි කෝලාහලය සමයේ කොළඹ ජිවත්වු පොහොසත් දෙමල පවුලක ආර්ජි නමැති සමරිසි ඉලංදාරියෙකුගේ ලිංගික අවදිවිම සහ අත්දැකිම් වටා ගෙතුන මෙම කතාන්දරය ප්‍රේක්ෂකයාගේ ඉමහත් ප්‍රසංසාවට ලක්වන්නට අපොහොසත් වුයේ දීපා මෙහෙතා විසින් හරියාකාරව චිත්‍රපටය නිමකර නොතිබු නිසාවෙන් බව හැඟෙයි. චිත්‍රපටය නරඹනවිට සිනමාරෑපිව දිස් වුවත් අස්වාභාවික බව දැනෙන්ට පටන් ගත්තේ ය. කෘතීම බවක් දැණින. ඒ කෙසේ වෙතත් අර්ජි තුළින් අප දකින එවකට පැවති උතුරේ ජනවාර්ගික අර්බුදයත් ඊට සමිමාදමි වන තරැණයන්ගේ ජීවිත පිළිබඳ ද චිත්‍රපටය තුළ ඉඩහසර වෙන් කර ගනිති. ‘අර්ජ්’ යනු සැබැවින්ම අමුතු ඉලන්දාරියෙකි. කුඩා කල සිටම අර්ජී තම මිත්‍රයන් සමඟ කෙළි සෙල්ලමි කරනවිට ගැහැණු වෙිෂාන්තරණය සහ ළමා ආශාව පිළිබඳ අධ්‍යක්ෂවරයා හෙළි කරයි. ආර්ජිට සැබැවින්ම පවුලේ ප්‍රිය කරන චරිතය නමි නැන්දණිය වූ රාධා ආන්ටි ය. රාධා විසින් ආර්ජි ලෝකයට නිරාවරණය කිරීමට යත්න දරයි. ආර්ජි චරිතය අත්දකින සහ අත්විඳින භීෂණය සහ එවකට පැවති දේශපාලන, සමාජ පසුබිමට ඔහු නිරාවරණය වෙයි. චිත්‍රපටය තුළ කතුවරයා සමලිංගිකත්වය සහ දේශපාලන සංකලනයක් වශයෙන් කෘතිය පුරාවටම අපූර්වත්වයක් ජනිත කරයි. ආර්ජිගේ මව විසින් චිත්‍රපටයේ තැනකදි මෙසේ පවසයි.

“හරි දේ වෙනුවෙන් පෙනී හිටෙියේ නැත්නම් අපි කොහොමද ජාතියක් විදියට ඉස්සරහට යන්නෙ.”

ජාතියක් විදියට අප සිටින්නේ කිනමි තත්ත්වයකද යන්න එම දෙබසින් අපට බලෙන් මෙන් ඇසට ඇන ඉඟි කරන්නට සලස්වයි. තවමත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත්ව ඇත්තේ ද කැසවමින් තිබෙන ජරාජීර්ණ ජාතිවාදය නිසා නොවෙිද?

ආර්ජිගේ තරැණ විය සැමවිටම ගලාගෙන යන්නෙ ආතතීන් සමඟය. ජනවාර්ගික අරගලයත්, ඔහු අධ්‍යාපනය ලබන පාසලේදී අත්විඳින්නට සිදුවන තාඩන පීඩන මෙම ආතතී ස්වභාවය පිළිබඳ කරැණු දක්වයි. ආර්ජ්ගේ පියාගේ චරිතය නවකතාව තුළ සුවිශේෂී ය. ඔහු නිතරම ආර්ජිගේ අනාගතය සුරක්ෂිත කිරීම උදොසාම කැපවෙයි.උදාහරණයක් ලෙස, රාධා නැන්දා සහ අනිල් අතර සම්බන්ධතාවය ඉදිරියට යා නොහැක, මන්ද අනිල් සිංහල ය. ආර්ජිගේ පියා සුළුතර දෙමළ ජාතිකයෙකු වීමේ දුෂ්කරතා කල්තියාම දැක තම පුතුන් සිංහල භාෂා පන්ති සහිත පාසලකට ඇතුළත් කරයි, එවිට ආර්ජිගේ අනාගත අවස්ථ සීමාවට ලක් නොවේ. ආර්ජිගේ පියා සැමවිටම සුභවාදී වන අතර ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර ඇති ඝටිටනය යහපත් ආකාරයෙන් අවසන් වනවා දැකීමට උනන්දුවක් දක්වන අතර ඔහුගේ පවුලට ඇති හොඳම විකල්පය කැනඩාවට සංක්‍රමණය වීම පවා ඔහු අකැමැති වෙයි. ශ්‍රි ලංකාවේ බහුල ජනවාර්ගික ආතතීන්ට නිරාවරණය වන ආර්ජිගේ මෙි ජීවිතයේ විවිධ අවස්ථා හා අන්තර්ක්‍රියාවන්ට අවසානයේ නිමාව දකිනුයේ කැනඩා රාජ්‍ය බලා පියාසර කිරීමෙනි. ආර්ජිගේ මුළු කුටුම්භයම මෙම කෝලාහලය හරහා විනාශ මුඛයට ඇද වැටුණු පසු ආර්ජි තම ජීවිතය සරි කරගන්නට කැනඩාව බලා පියාසර කිරිම තුළින් විශද වන කරැණක් නමි එවකට ලංකාව හැරගිය ශ්‍රී ලාංකිකයන් මෙම කෝලාහලයට කිනමි අත්දැකීමකට මුහුණ දුන්නා ද යන්න පිළිබඳවයි.

අතිශය සංකීර්ණ හා ගැඹුරැ සමාජ දේශපාලන තතු පිරික්සීමටත්, විනිවිද දකින්නටත් අධ්‍යක්ෂවරිය වන දීපා මෙහෙතා උනන්දු වෙති. නොඑසේනම් මිනිස් ජීවිතයේ අඳුරැ හා ගූඪ ප්‍රදේශ සිනමාරෑපිව ප්‍රකාශ කරනු පිණිස දීපා මෙහෙතා වෙහෙසෙති. 1980 කාලයේ ලංකාවේ සමරිසි ගැටවරයෙක් සහ ජාතිවාදී කෝලාහලය සමඟ මුසු “Funny Boy” චිත්‍රපටය යනු සංවේදීවූප සෙලියුලයිඩි පිලිබිඹුවකි. ශ්‍යාමිගේ මෙම කෘතිය අලළා ලෝ පසිඳු විශිෂ්ට අධ්‍යක්ෂවරියකු වන දීපා මෙිතා විසින් 2020 වසරේදී “Funny Boy” චිත්‍රපටය නිර්මාණය කරන්නේ කතාන්දරය අදටත් සර්වකාලීන වන බැවිනි. මන්දයත් සමලිංගිකබව රෝගයක් බව හඳුනාගෙන සිටින අවාසනාවන්ත සමාජයක සිටින අවධියක මෙවැනි සිනමා නිර්මාණයක් තුළින් පුළුල් කථිකාවකට එළැඹීමට නිරායාසයෙන්ම වරමි ලැබෙන හෙයිනි.

– මලින්ත විතානගේ

Leave A Reply

Your email address will not be published.

13 − five =