ඒ ඉන්දියානුවන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෝ පෙල ගැසුනහ

තමන් වෙනුවෙන් ස්කොට්ලන්ත පොලිසිය වටකල ඒ මනුෂ්‍යත්වය උතුරා ගිය ජනතාවට ලක්විර් සිං සහ සුමිත් සෙදේව් ඉන්දියානුවන්ගේ සංස්කෘතියට අනුව දෑත් එක්කොට නමස්කාර කලහ.
ස්කොට්ලන්ත පොලිසිය ඊයේ උදෑසන ලක්වීර් සිං සහ සුමිත් සෙදේව් අත් අඩංගුවට ගත්තේ සංක්‍රමණික අපරාධ සම්බන්ධයෙන් සැකපිටය. ඔහු සහ ඔහුගේ මිතුරා සුමිත් සෙදේව්ගේ වීසා බලපත්‍ර කල් ඉකුත් වී තිබිනි. 2008 දී රැකියා සඳහා ඹවුහු ස්කොට්ලන්තයට පැමිණියහ.. වීසා අලුත් කිරීම සඳහා වූ අයදුම්පත් ප්‍රතික්ෂේප කරන ලද අතර, වෛරස් වසංගතයට පෙර නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහු බලාපොරොත්තු වුහ. කලබගෑනිය සිදුවුයේ ඒ අතරතුරය. වසංගතය මධ්‍යයේය. එහෙත් කෙන්මුර් වීදියේ ඔවුන් ජීවත්වු Glasgow මහල් නිවාස වල මිනිසුන් දැනන් සිටියේ මෙි මිනිසුන් දෙදෙනා වසර දහයක් පුරාවට සිය ප්‍රදේශයේ නිවාස අහිමිවූවන්ට දිනපතා නොමිලේ පාන් ලබා දුන් බව පමනි.
මිනිත්තු කිහියකින් මහල් වාසින් අතර ආරංචිය පැතිර ගියහ. එකා දෙන්නා බැගින් පහලට බැස ඉන්දියානුවන් දෙදෙනා රැගෙන යන පොලිස් නිලධාරින් දෙසට ඇවිද ගියහ. එකා දෙන්නා දහය පහලොව වී දහය පහලොව සියය දෙසීය වන විට ඔවුහු පොලිස් නිලධාරීන්ව වට කොට හමාරය. ජනතාව ගේ විරෝධය මැද්දේ ඔවුහු ඉන් දියානුවන් දෙදෙනා සිය රථයට ගාල් කළෝය. එහෙත් වාහනයට ඉදිරියට නොයා හැකිසේ පිරිස පොලිස් රථයේ රෝද අබිමුවෙහි ඉදගත්හ. තවත් අයෙක් වාහනය යටට රිංගුහ. 50 කට අධික පොලිස් බලමුලුව සිටියේ කිසිවක් කර කියා ගත නොහැකි තත්වයකය. ඒ අතර මිනිසුන් මහ හඩින් කෑගාහ.
‘‘ ‘අපේ අසල්වැසියන් අත්හරින්න, ඔවුන්ට යන්න දෙන්න’‘‘
‘‘ අද රීද් අවුරුදු දිනයයි. තමුසෙලාට ලැජ්ජා නැද්ද‘‘
‘‘ ඔවුන් හොද මිනිස්සු ! අත් හරිනු !
පැය ගනන් ඇදීගිය අරගලය මධ්‍යයේ සමහරු අරගලකරුවන්ට ජලය හා ආහාර සදහා ජංගම කුටි ඉදිකලහ. අරගලයට සෘජුව සමිබන්ධ විය නොහැකි වයෝවෘධ අසල් වැසියෝ තම මහලේ ජනේලය තුලින් අතින් ඒ මොහාතේ ලිවු කාඩිබෝඩි පටි ඔසවාගෙන ඉදියහ. එවායේ සමහර වැකි මෙසේය.
‘‘මේක නමි එක්සත් රාජධානියේ විදිහ එය අපි ප්‍රතික්ෂේප කරන්නෙමු ‘‘
තවත් පැය ගනනකදී සමාජමාධ්‍ය හරහා මුලු බ්‍රිතාන්‍යට දැකීමට සැලස්වු මෙම විරෝධයට උත්තර බැදීමට බ්‍රිතාන්‍ය නායකත්වයට සිදුවිය.
ස්කොට්ලන්ත වෘත්තීය සමිති මහලේකම් ධුරයට තරග වදින Howard Beckett, මෙසේ ට්වීට් කළේය.
‘‘ පිටුවහල් කල යුත්තේ ඇගේ වර්ගවාදී ප්‍රතිපත්ති සමගම ප්‍රිතී පටේල්වයි. ඇගේ ආගමන ප්‍රතිපත්ති පිලිකුල් සහගතය.‘‘
( ප්‍රිති පටෙල් බ්‍රිතාන්‍ය ස්වදේශිය ලේකම්ය.)
ඇෆ්ගනිස්ථාන මානව හිමිකම් පදනමේ අධ්‍යක්ෂ 54 හැවිරිදි අසීෆ් ඔවුන් නිදහස් කරන්නැයි කියමින් විරෝධතාවයට එක්විය. එහිදී ඔහු
‘‘සෑම පුද්ගලයෙකුම එක්සත් රාජධානියට පැමිණ මෙහි වාසය කළ යුතු යැයි අපි නොකියමු, නමුත් ස්වදේශිය කටයුතු කාර්යාලය එය ඉතා ම්ලේච්ඡ ආකාරයකින් සිදු කරයි … එය හරියට ඔබ මිනීමැරුමක් හෝ ස්ත්‍රී දූෂණයක් කළාක් මෙනි.‘‘
ග්ලාස්ගෝහි සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ස්කොට්ලන්ත අධිකරණ ලේකම් හම්සා යූසාෆ්
“මම ස්වදේශ කටයුතු ආගමන ප්‍රතිපත්තිය පිළිකුල් කරමි, නමුත් අද ඔවුන් ගෙන ඇති ක්‍රියාමාර්ගය මුළුමනින්ම නොසැලකිලිමත් වන අතර නරකම ලෙස මිනිසුන්ව කුපිත කිරීමට අදහස් කරයි.”
ස්කොට්ලන්ත කම්කරු නායක අනස් සර්වර්
‘‘ ‘මෙය සිදුවන්නේ වසංගතයක් තුළ, සිද්ධීන් ඉහළ යන ප්‍රදේශයක සහ ඊද් දිනයේ බව විශේෂයෙන් අපට පිළිගත නොහැකිය.’
අවසානයේ ස්කොට්ලන්ත ෆස්ටි මිනිස්ටර් නිකොලා ස්ටර්ජන් මහත්මිය සිය ‘ට්විටර් පණිවුඩයේ මෙසේ ලිවීය:
‘අද සිදුකරන ක්‍රියාමාර්ගය පොලොක්ෂීල්ඩ්ස් හි භයානක හා පිළිගත නොහැකි තත්වයක් නිර්මාණය කරයි. ප්‍රාදේශීය එම්එස්පී වශයෙන් මම ඔවුන්ගෙන් හදිසි පිළිතුරු ද බලාපොරොත්තු වෙමි – ඔවුන් මේ තත්ත්වය ඉක්මණින් විසඳිය යුතුය.
ඉන් පැයකට පමන පසු එනම් සිද්ධිය අරඹා පැය 7 කට පසු සවස පහට ස්කොට්ලන්ත පොලිසිය අවට ජනතාවගේ අත්පොලසන් හා විසිල් හඩ මැද ඉන්දියානුවන් දෙදෙනා නිදහස් කලහ. අවට ජනතාවට නමස්කාර කරමින් වෑන් රථයෙන් එලියට ආ ලක්වීර් සිං ,
‘‘“සෑම දිනකම මම බියෙන් ජීවත් වීමි. එහෙත් ඔබලා මේ දැක්වු සහයෝගය මා විශ්මයට පත් කලේය.
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

three × 4 =