“පාතාලෙත් එක පවුලකට ම අයිති වෙන කාලේ වැඩි ඈතක නැහැ වගේ”

පාතාල සාමාජිකයා, සංවිධානාත්මක අපරාධකරු, මැරයා, යනාදී නානාප්‍රකාර නම්වලින් හැඳින්වූ දෙදෙනෙක් ළඟදි පොලිස් වෙඩි පහරින් මිය ගියා සුපුරුදු පිටපත විදියටම.
මදූෂ්ගෙ සිද්ධියේ උණුසුම මැකී යන්නත් මත්තෙන් ම.
නමුත් මම කැමතියි මේ පිරිසව “අත් උදව්කාරයන්” විදියට හඳුන්වන්න. කාටහරි ගොඩයන්න සැටලිම් විදියට පාවිච්චි වෙලා වෙඩි කාලා මැරිලා යන මේ ජීවිතවලට වෙන දේ හරිද වැරදිද කියන තර්කය මෙතන දිග නොඇර ඉන්නම් මම.
ඒත්, සවිඥාණයෙන් නිවී සැනසිල්ලෙ බලද්දි කාට හරි නිදහසේ වැඩ ටික කරගන්න පාර හදල දෙන ව්‍යාපෘතියක්ද මේ යන්නෙ කියල හිතෙන්නෙ නැද්ද?
දේශපාලනයේ, පාතාලයේ, මත්ද්‍රව්‍ය ජාවාරමේ වගේම මාධ්‍යයෙත් අණසක පතුරන් ඉඳල හිරේ ගිය මිනිහෙක් විශේෂ සමාවකින් එළියට එන්න ඉද්දි , ඒ මිනිහට ෆ්‍රී හිට් එකකට ගහන්න පිච් එක හදනවා නෙවෙයිද මේ?
කොළඹ දිස්ත්‍රික්කයේ ඡ්න්දෙ ඉල්ලලා උඩ ම උඩින් පාර්ලිමේන්තු ගිය මිනිස්සුන්ගෙ මැතිවරණ කැම්පේන්වල නම ගෑවුණ පාතාලයො සහ එයාලගෙ ගෝලයන්ටත් මේ ඉරණම අත් වෙයිද?
මේ රටේ ක්‍රමය අනුව අවනීතිය හැමදාම උත්කර්ෂයට නැංවෙනවා.
කොවිඩ් වැක්සින් එක ගහන්න ඉන්න පෝළිමෙ පවා දන්න කෙනෙක් එක්ක පෝළිම පැනලා යන එක හරි වීරකමක් උන සමාජයක් මේක.
හැමදාම අපි නවතින්නෙ එක ම තැන.
කොහොමද මේක වෙනස් කරන්නේ?
මගේ යෝජනාව; කැමරාව ඉස්සරහ නෙමෙය් හැබෑවටම පොලොවෙ පය ගහලා ඉන්න, තමන් , තමන්ගෙ පවුල වෙනුවෙන් නෙමෙයි  පුරවැසියා ගැන හිතන දේශපාලනඥයෝ ඉන්න රටක් හදන්න ඕන. එතකොට එයාලට රැකෙන්න පාතාල බලයක් ඕන නැහැ.
එතකොට පාතාලයක් නැහැ.
නැත්නම් ඔක්කොම ව්‍යාපාර වගේ ම පාතාලෙත් එක පවුලකට ම අයිති වෙන කාලේ වැඩි ඈතක නැහැ වගේ.
ඒත්, තාමත් කාට ම හරි හිතෙනවා නම් මේ රටට වදයක් වෙන අයට වෙඩි තියෙන එක සාධාරණයි කියල , මගේ ලිස්ට් එක පටන් ගන්නෙ මහ බැංකු අධිපතිලා දෙන්නෙක්ගෙන්. මොකද එයාලා තරම් අරුන් “සංවිධානාත්මක” නැහැ.
සහ මේ රටට වදයක් වෙන උන් පාර්ලිමේන්තු යවලා උන් හදන පාතාලෙට පාරෙ වෙඩි තියලා මැරුව කියලා මේක ඉවර වෙන්නෙත් නැහැ.
– නීතීඥ නිරූපා සේරසිංහ ගේ fb පිටුවෙන්

 

Leave A Reply

Your email address will not be published.

5 × 3 =