මන්ත්‍රී නිපුණ රණවකත් නිරෝධායන නීති උල්ලංඝනය කරයි !

 

මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකටම සංචරණ සීමා පනවා, නිරෝධායන නීති ක්‍රියාත්මක කර තිබියදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක චෛත්‍යයකට මුල්ගලක් තැබීමේ උත්සවයකට ඊයේ (14) සහභාගි වී තිබිණි. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සහෝදරියක වූ ගාන්දිනී රාජපක්ෂගේ පුත්‍රයා වන නිපුණ රණවක, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලනයට එක් විය.

මාතර – රන්දූපත උපෝසථාගාරයේ අභිනවයෙන් ඉදිකෙරෙන චෛත්‍ය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල නිරත පුද්ගලයන් කිහිපදෙනෙකු හා ප්‍රදේශවාසීන් සහභාගි වී තිබේ.

එම අවස්ථාවට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගි වී සිටීම විශේෂත්වයකි.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සියලු ආගමික ස්ථානවල මහජනයා එක්රැස්වන ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.

එසේ තිබියදීත් මෙම ආගමික උත්සවය සංවිධානය කර තිබී ඇත.

මේ අතර පසුගියදා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ද විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

Leave A Reply

Your email address will not be published.

five × two =