‘අහනෆ්, භාෂණයේ නිදහස සහ මානව හිමිකම්’

නවරසම් කවි පොතේ කර්තෘ අහනෆ් ජසීම් කවියා අත්ඩංගුවට ගෙන මැයි 16 වැනිදාට වසරක් සපිරෙයි. ඔහු තවමත් සිටිනුයේ රැඳවුම් නියෝග මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරයේය.

කවියකු වන අහනෆ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවත්වන සංවාදයක් ‘අහනෆ්, භාෂණයේ නිදහස සහ මානව හිමිකම්’ මැයෙන් මැයි 16 ඉරිදා එනම් හෙට පස්වරු 3.00 සිට 5.00 දක්වා පැවැත්වේ.

ප්‍රධාන අදහස් දැක්වීම් –
* සමාජ ක්‍රියාකාරිකයකු වන තැන්නේ ඥානානන්ද හිමි
* නීතීඥ මාස් යූසුෆ්
* නීතීඥ කෞෂල්‍යා ආරියරත්න
* ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර

මෙම සංවාදය සඳහා පහත සූම් දිගුව ඔස්සේ සම්බන්ධ වෙන ලෙස කවියට ඇලුම් කරන, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන උනන්දුවක් දක්වන සහ මානව හිමිකම් ගැන උනන්දුවක් දක්වන සියලු දෙනාට ආරාධනා කර සිටිමු.

Zoom-
https://us04web.zoom.us/j/75208633631?pwd=ZHBHbkZaU1FJM3FSeHJaWVIrT0lGdz09

විමසීම් – 071 241 9838 චාමර සම්පත් (සභාපති) ,0770658285 ඉඳුනිල් උස්ගොඩ ආරච්චි (ලේකම්) –

  • ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය –
Leave A Reply

Your email address will not be published.

10 + 3 =