ජොන්ස්ටන්ගේ දියණිය සංචරණ නීති උල්ලංඝනය කොට රෝහල්ගත කරයි !

මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ දියණිය රිවස්ටන් ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් සිටින අතරතුර කූඩැල්ලන් සපාකෑම හේතුවෙන් ඊයේ (14) දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

කූඩැල්ලන් සපාකෑම හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතාව නිසා ඇයගේ රුධිර පීඩනය අඩුවී තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර, ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අද (15) උදෑසන ඇය රෝහලෙන් පිටව ගොස් තිබේ.

පවත්නා කොවිඩ් අධිඅවධානම් තත්ත්වය හේතුවෙන් පෙරේදා (13) රාත්‍රී 11 සිට දිවයින පුරාම සංචරණ සීමාවන් පනවනු ලැබිණි.

ඊට අමතරව ඊට පෙර සිටම පළාත් අතර සංචරණ සීමාවන්ද පනවා තිබූ අතර, ඇමතිවරයාගේ දියණිය මේ නීති උල්ලංඝනය කරමින් වයඹ පළාතේ සිට මධ්‍යම පළාතට සංචාරය කර ඇත්.

Leave A Reply

Your email address will not be published.

two × 2 =