කොබෙයිගනේ අවුරුදු 28 ගැබිනි කාන්තාවක් කොරෝනා වැලදී මිය යයි

ඇය නිකවැරටිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව අපස්මාර රෝගය වැලදීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි .
පසුව දිගින් දිගටම ඇයට අපස්මාරය රෝගය වැලදීම හේතුවෙන් PCRපරීක්ෂණයකට භාජනය කර තිබෙි.
PCR පරික්ෂණ වාර්තාව අනුව එම මව කොවිඩි ආසාදිතයකු බව තහවුරැ වි ඇති බව රොහල් ආරංචි මාර්ග පවසයි .
ඊයේ(14) දින දි ඇය සීසේරියන් සැත්කමක් මාර්ගයෙන් දරැවා බිහිකර ඇති අතර රෝගි තත්වය උත්සන්න විම හේතුවෙන් ඇය මිය ගොස් තිබෙි.

එම මවගේ දේහය මේ වන විට කොරෝනා නිතියට අනුව ආදාහනය කර ඇති අතර ඇය බිහිකල දරැවා ඉතා නිරෝගි තත්වයෙන් පසුවන බවත් දරැවාට කොරෝනා ආසාදනය වි නොමැති බවත් රෝහල් අරංචි මාර්ග පවසයි.
-බිමල් රැහුණගේ

Leave A Reply

Your email address will not be published.

five + two =