සිංගර් වෙතින් නවීනතම MSI ලැප්ටොප්

පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන තායිවානයේ MSI සමාගම හා වෙළඳ සහයෝගීතාවකට එළඹීමට මෙරට පාරිභෝගික භාණ්ඩ වෙළඳපොළ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම පියවර ගෙන තිබේ.

පරිගණක ක්‍රීඩාලෝලීන්, වෘත්තිකයන්, ක්‍රීඩා නිර්මාණකරුවන් සහ ග්‍රැෆික් නිර්මාණකරුවන් ආදීන් පරිගණක ක්‍රීඩා සහ ඊට සුදුසු නවීන තාක්ෂණය කෙරෙහි දක්වන විශේෂ අවධානයත් සමඟ පසුගිය කාලයේදී මෙරට පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය දැවැන්ත වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව ඇත.   වර්තමානයේදී බොහෝ දෙනා නිවසේ සිට රාජකාරි සහ අධ්‍යාපන කටයුතු සිදුකිරීමටත් යොමුවීම නිසා පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය ද මෙසේ වේගයෙන් ජනප්‍රිය වී ඇති බව පෙනී යයි.

MSI යනු පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ කීර්තිමත් සමාගමකි. විශේෂයෙන්ම පරිගණක ක්‍රීඩා සඳහාම MSI සමාගම නිපදවන සුපිරි ලැප්ටොප් පරිගණක අවස්ථා ගණනාවකදීම ජාත්‍යන්තර ගැයීමට පාත්‍ර වී තිබේ. IF Design සම්මානය, 2020 Red dot winner සම්මානය, තායිවාන විශිෂ්ටතා සම්මාන මෙන්ම මෑතකදී ලබාගත් 15 CES 2021 නවෝත්පාදන සම්මානය ද ඒ අතරට අයත් ය. ඊට අමතරව 2021 Consumer Electronic Show හිදී ද ජයග්‍රාහි නිෂ්පාදන කිහිපයකම හිමිකරුවා වූයේ MSI සමාගමයි.

ඒ අනුව MSI සමඟ අත්වැල් බැඳ ගැනීම තුළින් ශ්‍රී ලාංකික පරිගණක ක්‍රීඩාලෝලීන් මෙන්ම ක්‍රීඩා නිර්මාණකරුවන් වෙනුවෙන් ද නවීන තාක්ෂණය සමඟ විශිෂ්ට ක්‍රීඩා අත්දැකීමක් සමීප කිරීමට සිංගර් සමාගමට හැකිව තිබේ.

සිංගර් හරහා MSI ගේමින් ලැප්ටොප් මිලදී ගැනීමේදී ඒවායේ ප්‍රමිතිය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ වටිනා වගකීමක් ද පාරිභෝගිකයින්ට

හිමි වේ. GS Stealth series, GF Thin series, GL Leopard series සහ Alpha and Bravo range යනුවෙන් MSI මගින් ලැප්ටොප් පරිගණක කාණ්ඩ කිහිපයක්ම හඳුන්වා දී තිබේ. GS Stealth series මගින් පරිශීලකයින්ට පහසුව, ක්‍රියාකාරීත්වය සහ සුපිරි බව ද, GF Thin series හරහා සුපිරි ක්‍රියාකාරීත්වයක් හා ඉහළ වටිනාකමක් ද සමීප කෙරේ. GL Leopard series කාණ්ඩයේ ලැප්ටොප්, ඕනෑම මට්ටමක පරිගණක ක්‍රීඩාවකට සුදුසු ලෙස උපරිම ක්‍රියාකාරීත්ව හැකියාවකින් නිර්මාණය කර තිබේ●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.

four − 3 =