කොරෝනා භීතිය අස්සේ චීනයට රට බිලි දීම

කොරෝනා වසංගතය මාරාන්තික ය. හැම කෙනා ම ජීවත් වන්නේ මරණ බියෙන් ය. ගෙවෙන හැම තත්පරයක දී ම කොරෝනා පිළිබඳ ප්‍රවෘත්තියක් එයි. ඒ නිසා ම හැමෝ ම ඉන්නේ ජීවිතයත්, මරණයත් අතර සටනක ය. මුළුමහත් රට පුරා ම මේ තත්ත්වය වර්ධනය වෙමින් යයි. මෙවන් මාරාන්තික තත්ත්වයක් එන බව කල් තියා ම වෛද්‍යවරු පැවසූහ. අප්‍රේල් මාසෙ අටවැනිදා වන විට ඒ පිළිබඳ වාර්තාවක් ම ලබා දිණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම කොරෝනා මාරාන්තික ප්‍රභේදයක් සමාජය තුළ ව්‍යාප්ත වන බව නිශ්චිතව ම ආණ්ඩුවට දැනුම් දුන්නේ ය. ඒ අනුව වහා පියවර ගත යුතුව තිබිණි. එහෙත්, ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ජනතාවට අවශ්‍ය පරිදි අවුරුදු ගමන් බිමන් යන්නට ඉඩහැරියේ ය. අන්තිමේ දී තත්ත්වය අන්තිම භයානක විය.

භයානක තත්ත්වය ඇති වූ පසුව ද විවිධ ක්ෂේත්‍රවල වෛද්‍ය විශේෂඥයෝ ක්ෂණික පියවර ගන්නා ලෙස අවධාරණය කළහ. ආණ්ඩුවේ බලධාරීහු බීරි අලින් මෙන් නොඇසුණා සේ සිටියහ. ඒ අවධාරණය කළ අවස්ථාවල දී නිසි ක්‍රියාමාර්ග ගත්තේ නම්, අද පවතින තත්ත්වය ඇති වෙන්නේ නැත. පී. සී. ආර්. පරීක්ෂණ මුළුමනින් ම අතහැර දමා තිබිණි. ඒ ගැන මීමුරේ වැසියකු අහන විට කිව්වේ, “පී. සී. ආර්. වැඩක් නැහැ. අපි එන්නත දෙනවා” කියා ය. එහෙම කිව්වාට එන්නත දෙන්න නිසි වැඩපිළිවෙළක් නැත. ‘ඇස්ට්‍රා සෙනෙකා’ එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් නව ලක්ෂයක ජනතාවට දෙවැනි මාත්‍රාව ලැබුණේ නැත. කොළඹ මහා නගර සභා සීමාව තුළ පමණක් එක්ලක්ෂ තිස්නව දහසක් දෙවැනි මාත්‍රාව නොමැතිව මරණ බියෙන් සිටිති. එය ගෙන්වා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත.

ආණ්ඩුව හදිසියේ වරාය නගරය පිළිබඳ කොමිසම පාර්ලිමේන්තුවට ගෙනාවේ ය. කලබලයෙන් ගෙන ආ ඒ පනත උසාවිය ඉදිරියේ අභියෝගයට ලක් වුණේ ය. තීන්දුව එන්නත් කලින් විවාදයට දිනය නියම කළේ ය. කෙසේ හෝ එය කරන ගන්නට බැරි වුණේ ය. දැන් උසාවි තීන්දුව ලැබී තිබේ. කථානායකවරයා ලබන දහඅට වැනිදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ය. ජනතාවට දැකබලා ගන්නට, කියවා ගන්නට වේලාවක් නැත. අඩු ම ගණනේ ජනතා නියෝජිතයන්ට ඇත්තේ ද එක දවසක් පමණි. පහුවදා ම විවාදයට ගන්නේ ය. විසිවැනිදා වන විට සම්මත කර ගන්නට ද ආණ්ඩුව ලැහැස්ති වී සිටී. රටේ භෞමික අඛණ්ඩතාව පිළිබඳව ස්වෛරීත්වය පිළිබඳව තදින් ම බලපාන මෙවැනි බරපතළ පනතක් ජනතාවගේ අනුදැනුමෙන් තොරව ආණ්ඩුව සම්මත කර ගන්නේය.      

ඒ බැරිකම වහ ගන්න උදය ගම්මන්පිල දැන් කියන්නේ, අමුතු කතාවකි. “එන්නත කවලම් වුණාට කමක් නැහැ” යැයි ඔහු කිව්වේ ය. ඒ කියන්නේ, එන්නත ‘පෘට් සැලඩ්’ වගේ වුණාට කමක් නැහැ කියා ය. ඒ ප්‍රකාශයට කිසිදු වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ එවැන්නක් කියා නැත. පහුවදා ම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරිය එවැනි තීරණයක් නැති බව ප්‍රකාශ කළා ය. කැබිනට් ඇමති එකක් කියන කොට රාජ්‍ය ඇමතිනිය තව එකක් කියන්නේ ය. කොහොම වුණත්, ජනතාවට එන්නත ලැබුණේ නැත.

මේ වන විට තව යම් ප්‍රමාණයකට චීන එන්නත ලබාදෙමින් තිබේ. එහෙත්, එහි දී ද කිසිදු ක්‍රමවේදයක් නැත. තැන් තැන්වල දහස් ගණන් පෝලිම් ගැසී සිටිති. පෝලිමේ ඉන්න හැමෝට ම ලැබෙන්නේ ද නැත. එය මුළුමනින් ම ලබා දුන්න ද, ජනගහනයෙන් සියයට පහකටවත් හරියට එන්නත ලැබෙන්නේ නැත. “අද එනවා, හෙට එනවා” යන කතා නම් ඇත්තේ ය. එන්නත් ලබා දීමේ යාන්ත්‍රණය, කොරෝනා  රෝගීන් පිළිබඳව සොයාබැලීමේ යාන්ත්‍රණය මුළුමනින් ම අවිධිමත් වී ඇත. පරිපාලන ගැටලු රාශියක් පැනනැඟී තිබේ.

දවස් තුනක් සංචරණ සීමා පනවා තත්ත්වය භයානක බව කියද්දී, ආණ්ඩුව කරන්නේ වෙන වෙන දේවල් ය. කොරෝනා මරණ භය අස්සේ පොලිස් අත්අඩංගුවේ සිටින අය වෙඩි තබා මරා දමන්නේ ය. මධුෂ්, ඌරුජුවා, කොස්ගොඩ තාරක ආසන්නතම සිදුවීම් ය. මේ තුන්දෙනා ම නමගිය අපරාධකරුවන් බව සැබෑ ය. එහෙත්, තුන්දෙනා ම හිටියේ පොලිසිය භාරයේ ය. එනම්, ආණ්ඩුව භාරයේ ය. තුන්දෙනා ම මරා දැමුවේ ආයුධ පෙන්වන්නට ගිය අවස්ථාවල දී යැයි කියැවේ. මරා දැමීම් තුන ම සිදු කළේ රාත්‍රී කාලයේ දී ය. ඕනෑ ම පොඩි ළමයකුට වුවත්, මෙහි ඇත්ත නැත්ත තේරුම් ගත හැකි ය. මධුෂ්ව මැරුවේ වෙනත් කල්ලියක් ඇවිත් බව කිව්වේ ය. ඒ කල්ලියේ මෝටර් බයිසිකලයක් ද පෙන්නුවේ ය. එහෙත්, අද වන තුරු ඒ පිළිබඳ ඉදිරියට පරීක්ෂණයක් සිදු වූයේ නැත. කොස්ගොඩ තාරකව මේ විදියට ම මරා දැමිය හැකි බවට ඔහුගේ අම්මා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යොමු කළේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දී ය.  දින දෙක තුනකට කලින් එවැන්නක් සිදු විය හැකි බවට සමාජ මාධ්‍ය ජාලයේ ද පුවත් පළ වුණේ ය. හරියට ඒ විදියට ම සියල්ල සිදු වුණේ ය. රට වසා දමන ප්‍රවෘත්තියත්, රට පුරා ම ඇදහැලෙන මහා වර්ෂාවත් එක්ක ම වෙඩි තබා මරා දැමීම ද සිදු වන්නේ ය. කොරෝනාවෙන් සියල්ල යටපත් කර දමන්නේ ය.

ඒ ලෙසින් ම ආණ්ඩුව හදිසියේ වරාය නගරය පිළිබඳ කොමිසම පාර්ලිමේන්තුවට ගෙනාවේ ය. කලබලයෙන් ගෙන ආ ඒ පනත උසාවිය ඉදිරියේ අභියෝගයට ලක් වුණේ ය. තීන්දුව එන්නත් කලින් විවාදයට දිනය නියම කළේ ය. කෙසේ හෝ එය කරන ගන්නට බැරි වුණේ ය. දැන් උසාවි තීන්දුව ලැබී තිබේ. කථානායකවරයා ලබන දහඅට වැනිදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ය. ජනතාවට දැකබලා ගන්නට, කියවා ගන්නට වේලාවක් නැත. අඩු ම ගණනේ ජනතා නියෝජිතයන්ට ඇත්තේ ද එක දවසක් පමණි. පහුවදා ම විවාදයට ගන්නේ ය. විසිවැනිදා වන විට සම්මත කර ගන්නට ද ආණ්ඩුව ලැහැස්ති වී සිටී. රටේ භෞමික අඛණ්ඩතාව පිළිබඳව ස්වෛරීත්වය පිළිබඳව තදින් ම බලපාන මෙවැනි බරපතළ පනතක් ජනතාවගේ අනුදැනුමෙන් තොරව ආණ්ඩුව සම්මත කර ගන්නේ ය.

දැනටමත් ඒ පනත මඟින් රටේ පවතින ප්‍රධාන පනත් හතක් නොසලකාහැර තිබේ. තවත් පවත්නා පනත් දහහතරක් සංශෝධනය කරන්නට ද වන්නේ ය. රටක අනාගතයට ඉතාමත් ම තදින් ම, සෘජුව බලපාන වැදගත් පනතක් කොරෝනා අස්සේ සම්මත කර ගැනීම ආණ්ඩුවේ තක්කඩි වුවමනාව ය. ජනතා විවේචන, විරෝධතා සියල්ල යටපත් කරගෙන තනිකර ම චීනයේ වුවමනාව වෙනුවෙන් කරන මහා පාවා දීමකි මෙය. රටට එතරම් ම හිතකර පනතක් නම්, එය ජනතා සංවාදයට විවෘත කළ යුතු ය. එවිට ජනතාවගේ කැමැත්තෙන් ම මෙය කළ හැකි ය. එය එසේ නොවන නිසා කොරෝනාවලින් සිය ගණන් ජීවිත විනාශ වෙද්දී, ඒ මළකඳන් පෙනි පෙනී මේ කරන්නේ මහා අපරාධයකි.

මෙය මුළු රට ම ලෝක දේශපාලන බලවතුන්ගේ භූ දේශපාලන වුවමනාවට යට කිරීමකි. තමන්ගේ චෞර වළල්ල නඩත්තු කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව කරන අපරාධයකි. චීනයෙන් ලැබෙන තුට්ටු දෙකට යට වෙලා මුළුමහත් රටත්, ජාතියත් මහා අගාධයකට තල්ලු කර දැමීමකි. ඒ විනාශයට පාර කපලා, බැසිල් රාජපක්ෂ රෑ එළි වෙන කොට තමන්ගේ ඇමෙරිකාවේ ගෙදරට පලා යාමෙන් ම සියල්ල තේරුම් ගත හැකි ය. ඔවුනට ලංකාව කියන්නේ, තමන්ගේ රට නොවේ ය. ඔහුගේ බිරිඳ, දරුවන් ජීවත් වන්නේ ඇමෙරිකාවේය.

රටට මොන විනාශය වුවත්, ඔවුනට වගේවගක් නැත. නන්දසේනගේ පවුලේ අයත් ඇමෙරිකානු පුරවැසියෝ ය. ඒ නිසා ම ඔවුනට ඇත්තේ, හුදෙක් පෞද්ගලික වුවමනා පමණක් ම ය. ඒ වෙනුවෙන් බොරු දේශප්‍රේමයක් පෙන්වා කරන්නේ ජනතාව රැවටීම ය. දැන්වත් මෙය ජනතාව නිවැරදිව තේරුම් ගත යුතුව ඇත. හතර වටෙන් ජනතාවගේ පැත්තෙන් ඇහෙන කතාවලින් නම්, තේරුම් ගත් බවක් පෙනෙන්නට තිබේ. ඡන්දය දීපු ජනතාව ම රාජපක්ෂ පාලනයේ ජනතා ද්‍රෝහීකම්වලට එරෙහිව නැඟී සිටීමෙන් එය පැහැදිලි ය. කොරෝනා මාරාන්තික තත්ත්වයෙන් රට බේරා ගන්නවා වෙනුවට රට පාවා දෙන්නේ දේශද්‍රෝහීන් ය. ඒ දේශද්‍රෝහී වැඩේට මේ ආණ්ඩුව අතගසා අවසන් ය. එනයින් මේ පාලකයන්ගෙන් රට රැකගැනීමක් යනු තව දුරටත් කිසිසේත් ම බලාපොරොත්තු විය නොහැක්කකි●

ජගදාක්‍ෂි

 

Leave A Reply

Your email address will not be published.

9 − six =