එක්සත් ජනපදය ඊශ්‍රයලයට මුදල් පොම්ප කරන්නේ කුමක් සදහාද ?

එක්සත් ජනපදය වසරකට ඩොලර් බිලියන ගණන් ඊශ්‍රාලයට පොම්ප කරන්නේ
ඊශ්‍රාලයට පලස්තීන ඉඩම් ඈඳා ගැනීමට හෝ පලස්තීන නිවාස විනාශ කිරීමට නොවෙි.
එක්සත් ඡනපද කෝන්ග්‍රස් සභික හා නීති සමිපාදිකාව . Betty McCollum

එක්සත් ජනපද කෝංග්‍රස් සභික Betty McCollum ට අනුව එක්සත් ජනපදය ඊශ්‍රයලයට පොම්ප කරන මුදල වාර්ශිව ඩොලර් බිලියන 3 යි දශම අටකි. මේ කුමක් සදහාද ? ඊශ්‍රායල් ජාතිකයන්ට අහාර සදහාද ? අධ්‍යාපනය හෝ නිවාස සදහාද ? එසේ නොවන බව සිතමි. එක්සත් ජනපදයට ඉහලින් යාමට උත්සාහ කරන මැදපෙරදිග කලාපයේ ඔනෑම රටකට පහර දිමට අවශ්‍ය ඊශ්‍රායාලයට වැය වන සම්පත් සදහාය මේ ගෙවීම. ඒ අනුව එක්සත් ජනපදයේ වුවමනාවට ඊශ්‍රාලය යේමනයට, ලෙබනනයට ඉරාකයට බෝම්බ දමයි. ඉරානයට හා සිරියාවට පහර දෙයි. එහෙත් ඔවුහු පලස්තීනයට පහර දෙන්නේ භූමිය ඈදා ගැනීමටය. ස්වකීය අරමුණ වෙනුවෙනි. එහි එක්සත් ජනපදය තම මිතුරාව ආරක්ෂා කරයි. මේ නොපනත්කමට එරෙහිව එක්සත් ජනපද කෝංග්‍රසයේම හඩවල් මතුවෙමින් තිබේ. Betty McCollum එහි පෙරමුනේය.
බෙටි මැකෝලම් සෑම වසරකම වොෂින්ටනය ඊශ්‍රායලයට යවන ඩොලර් බිලියන ගණන පිළිබඳව එක්සත් ජනපදයේ විවාදයක් ඇති කිරීමට උත්සාහ කර තිබේ. පලස්තීනුවන්ට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා ඊශ්‍රායලය එක්සත් ජනපද මිලිටරි ආධාර භාවිතා නොකරන බවට සහතික විම ඇයට අවශ්‍ය අතරම මෙම මුදල් යන්නේ කොතැනද යන්න ගැන වැඩි විස්තර දැන ගැනීමටද ඇයට අවශ්‍යය.
ඇය පලස්තීන දරුවන්ට එරෙහි අපයෝජනයන්, පලස්තීන දේපළ විනාශ කිරීම, වාඩිලාගෙන සිටින බටහිර ඉවුරෙන් පලස්තීනුවන් ඉවත් කිරීම හෝ පලස්තීන ඉඩම් තවදුරටත් අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය දරන උත්සාහයන් සඳහා එක්සත් ජනපද ආධාර භාවිතා නොකරන බවට සහතිකයක් ලබා ගැනීම අරමුණු කරගත් මැකෝලම් සිය නවතම පනත පසුගිය මාසයේ හඳුන්වා දුන්නේය.එහෙත් එය සම්මත කිරීමට ප්‍රමාණවත් ඡන්ද ප්‍රමාණයක් නොතිබුණි. නව වටයකින් මෙම පනත මේ සතිය නැවත මතුවෙමන් පවතී. ඒ පවුල් කිහිපයක් ඉවත් කිරීමට ඊශ්‍රායල බලධාරීන් තර්ජනය කිරීම නිසා ඇති වු පලස්තීන ජනතාවගේ විනාශය හමුවේය.
මේ මොහොත වන විට ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පසුගිය දින හතර තුළ ගාසා තීරයේ ළමුන් 27 ක්ද ඇතුලුව අවම වශයෙන් පලස්තීනුවන් 119 දෙනෙකු මියගොස් 830 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඊශ්‍රායෙලයේ මිනිසුන් 9 දෙනෙකු මිය ගොස් තිබේ. දින හතරක දේශ සීමා සටන අඩුවීමේ සලකුනක් නොපෙන්වූ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ මෙම පහරදිම්වලට“වැඩි කාලයක් ගතවනු ඇති” බවයි
ඒ අතර තුර ඊශ්‍රාලය තුළද දිගු ගැටුමේ නව පෙරමුණක් වන ඊශ්‍රායලයේ යුදෙව්වන් සහ අරාබිවරුන්ගේ මිශ්‍ර ප්‍රජාවන් අතරද ප්‍රචණ්ඩත්වය පැතිරී තිබේ. සමහර නගරවල වීදිවල සිනගෝගවලට පහර දී සටන් ඇති වූ අතර රට තුල සිවිල් යුද්ධයක් ගැන අනතුරු ඇඟවීමට තරම් ඊශ්‍රායල ජනාධිපතිවරයා ඉක්මන් විය.
ලෙබනනයේ සිටද ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර 3 ක් එල්ල කළ නමුත්
ඒවා පතිතවුයේ මද්‍යධරනි මුහුදටය. එය කිසිදු ප්‍රහාරයක ආරම්භයට වඩා ලෙබනනයේ පලස්තීන කණ්ඩායම් විසින් ගාසා තීරයට සහයෝගය දැක්වීමක් ලෙස පෙනෙන්නට තිබුණි.
ප්‍රචණ්ඩත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සිකුරාදා එක්සත් ජනපද ආරක්ෂක මණ්ඩලයේ ප්‍රසිද්ධ, අතථ්‍ය රැස්වීමක් සඳහා චීනය, නෝර්වේ සහ ටියුනීසියාව කළ ඉල්ලීමට ඊශ්‍රායලයේ සමීප මිතුරෙකු වන එක්සත් ජනපදය විරෝධය පළ කළ බව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පැවසූහ.
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

fifteen − 7 =